Wednesday, November 14, 2012



ඇය ලෝකයේ වියපත්ම තැනැත්තියයි. වයස අවුරුදු 113යි. ඇය වාමන ගැහැනියක්‌ හෙවත් ඉතා කුඩා ශරීරයක්‌ ඇති ගැහැනියක්‌. ඉන්දියාවේ භූපාල් ප්‍රදේශයේ ජීවත් වන ඇගේ නම සීනත් බී. 

ඉන්දියන් ආණ්‌ඩුවේ විශ්‍රාම වැටුප් වාර්තාවලට අනුව ඇගේ වයස අවුරුදු 101යි. එහෙත් ඇය තරයේම කියන්නේ තමාගේ වයස අවුරුදු 113ක්‌ බවයි.

ගිනස්‌ ලෝක වාර්තා පොතට අනුව ලොව වියපත්ව වාමන මනුෂ්‍යයා වන්නේ ලොවෙල් ඩෙෆොරස්‌ට්‌ මේසන් (Lowell De forest Mason). ඔහුගේ වයස අවුරුදු 74ක්. 

සීනත් බී ඉස්‌ලාම් ආගම අදහන කාන්තාවක වන අතර ශුද්ධ වූ මක්‌කමට වන්දනා ගමනක යෙදීම සහ සල්මාන් ඛාන් මුණගැසීම ඇගේ සිහින පෝලිමේ අංගයි.


ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් පාලනය කළ ආකාරය ඇයට ඉතා හොඳින් මතකයි. ඒ අතර මහාරාජාවරුන් සහ ඉන්දියන් කුමාරවරුන් (නවාබ්වරුන්) විසින් ප්‍රාදේශීය මට්‌ටමෙන් බලවත්ව සිටි ආකාරය ගැනත් ඇය සිහිපත් කරනවා.

සීනත් බී තම වයස ගැන පවසන්නේ සත්‍යයක්‌ නම්, ඇය ඉපදී ඇත්තේ වික්‌ටෝරියා මහ රැජන ඉන්දියානු අධිරාජිනිය ලෙස කටයුතු කළ කාලයේ දී. "මගේ ළමා කාලයේ දී භූපාල් නගරය කියන්නේ විශාල වනාන්තරයක්‌. ඇහැට පෙනෙන මානයේ හැම තැනකම තිබුණේ ගහකොළ විතරයි......." ඇය සඳහන් කරනවා.

"බ්‍රිතාන්‍ය ජාතිකයන් භූපාල් නගරයට පාන් හඳුන්වා දුන් කාලයත් මට මතකයි. එය ඉන්දියානුවන් විසින් කිසි කලෙකත් අනුභව කර නොතිබූ ආහාරයක්‌...."

ඇගේ පවුලේ සියලුම දෙනා මිය ගිහින්. දැනට ඉතිරිව සිටින්නේ ඇය විතරයි. අවිවාහක ඇගේ දෑස්‌ සුද මතුවීම නිසා හානියට පත්වෙලා. කැල්සියම් ඌනතාවකුත් ඇයට තිබෙනවා. ඇය ජීවත් වන්නේ රජය මඟින් ගෙවන ඉන්දියන් රුපියල් 275ක විශ්‍රාම වැටුපකින්. මිහිපිට ඇය සතු එකම වස්‌තුව ඇඳ කබලක්‌ පමණයි. කලකට පෙර භූපාල් නගරය අයත් ප්‍රාන්තයේ මහ ඇමැතිවරියව සිටි උමා භාරතී ඇයට ඉන්දියන් රුපියල් 2,500ක දීමනාවක්‌ ලබා දුන්නා. එයත් දැන් නැවතිලා.

ඉතාම පුදුමසහගත කාරණය වන්නේ වයස අවුරුදු 113 දිත් ඇගේ කෙස්‌ කළු පැහැයෙන් යුක්‌ත වීමයි. එහෙත් ඇගේ මුළු කටටම තිබෙන්නේ දත් 3ක්‌ පමණයි.

සීනත් බී ව බලාකියා ගන්නේ අක්‌බාර් මොහොමඩ් ඛාන් සහ ඔහුගේ පවුලේ අයයි. ඔහු කිසිදු කුලියක්‌ නොගෙනම ඇයට තම නිවෙසේ ජීවත්වීමට ඉඩ දී තිබෙනවා. ඇයට ආහාර නැතත් හුනු, දුම්කොළ, පුවක්‌ සහිත සැර බුලත් විටක්‌ අවශ්‍යමයි. අවිවාහක මෙනවියක්‌ වන ඇය විවාහ නොවීම ගැන කවදාවත් කනගාටු වන්නේ නැහැ. 

  





සංඛනාද වෙදගේවත්ත

2 comments:

රතීගේ දිනපොත said...

මොනව නැතත් වයස ගිහිල්ලත් හොදට ඉන්න එක ගැන නම් වෙනම ඉන්ටවිව් එකක් ගන්න ඕනෙ

Unknown said...

මගේ බ්ලොග් එක ගැන රතී ඔයා දක්වන උනන්දුව ගැන මට හරිම සතු‍ටුයි.ඔයාගේ අදහස් ගොඩාක් වටිනව රතී.එක මාව තව තවත් දිරිමත් කරනවා.ඔබට බොහොම ස්තූතියි.

සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget