Wednesday, September 26, 2012


උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක්‌ අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්‌ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි.

උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්‍රකාශනය වන ක්‍රමයක්‌ ලෙසද මතයක්‌ පවතී. උපන් ලප හෙළිකරන රහස්‌ පිළිබඳ අද අපි ඔබට ඉදිරිපත් කරමු.

ප්‍රථමයෙන් සිරුරේ ඉදිරිපස පිහිටා ඇති උපන් ලප පිළිබඳව අවධානය යොමු කරමු.

උපන් ලපය 01 
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

Sunday, September 23, 2012




සේද මවතේ ගමන් කරන සෑම අයෙකුටම ලෝක ඉතිහසයෙන් සැඟව ගිය බොහෝ රහස් සොයා ගත හැක.මහා අසියානු සංස්කෘතිය බටහිර ලෝකයට සම්ප්‍රේශණය වුයේ මෙම මාර්ගය හරහාය.ඉතින් මෙම බටහිර ලෝකයට විවෘත වන එක දොරටුවක් ලෙස සලකන ප්ලස්තීනය ලොක ඉතිහසයේ එක නොමැකෙන ආගමික සළකුණක් බිහි කළ භූමියක් විය.එහි උපන් එක බුද්ධිමත් දරුවෙකු තමන්ගේ ආගම් මූලය සොයාගෙන සේද මවත ඔස්සේ ඉන්දියාවට පැමිණේ.ඔහු නමින් ජේසුස් නම් වේ.
වෙළඳ කණ්ඩායම් සමඟ ඉන්දියාවට පැමිණෙන මොහුට සර්වාස්ථිවාධී ථීරවාද නිකායට අයත් හිමි නමක් හමු වී බුදු දහම පිළිබඳ අසා දැන ගන්නා ඔහු එම හිමියන් සමඟ හිමාලයේ හිමිස් නම් ආරමයට යන අතර එහිදී ජේසුස් තරුණයා විසින් බෞද්ධ භාවනා ක්‍රම ඉගෙන ගන්නා අතර වයස 29 වන විට නැවතත් තම මවු රටට පැමිණේ..ඉහතින් සඳහන් කළ හිමීස් ආරමය අද දක්වාම ක්‍රියාකාරීව පතින අතර ජේසුස් වහන්සේ පිලිබඳ ලියවිලිද එම අරමය සතුව ඇත.මෙම ආරාමය ටිබෙට් රටේ ලඩාන් ප්‍රදෙශයේ පිහිටා ඇත.


තම රටට පැමිණීමන් පසුව තමන් උගත් දර්ශනය දේශනා කරන්නට පටන ගත් අතර ඒ සඳහා විශාල පිරිස් පැමිණෙන්නට පටන් ගත්තේය.මෙය ඒ වනවිටත් පැතිර තිබූ යුදෙව් ආගමට මරු පහරක්ම විය.මෙය හොදින් අවබොධ කරගත් යුදෙව් පූජකවරු ජේසුස් වහන්සේට විවිධ බාධක එල්ල කරන්නට පටන් ගත් අතර එහි අවසානය වුයේ මරණීය කුමන්ත්‍රණයකිනි.මේ බව වටහා ගත් ජේසුස් වහන්සේ නැවතත් ඉන්දියාවට පමිණෙන අතර ට්බෙට් ප්‍රදේශයෙහි වාසය කර ඇත.

Monday, September 17, 2012


ඔන්න මං මේ වතාවේ ඔයාලට දෙන්න යන්නේ ටිකක් වැදගත් දෙයක්.ඒ තමයි සාමාන්‍ය ජනතාව විදියට දැනගතයුතු නීතිමය කරුණු කිහිපයක් ගැන අද මං ඔයාලව දැනුවත් කරන්නයි යන්නේ.එදිනෙදා ජීවිතයේ දී අපිට සමහර සිද්දීන් නිසා පොලිසියට යන්න වෙනවා.පොලිසියේ පිහිට පතන්න වෙනවා.ඉතින් පොලිසිය සමඟ ගනුදෙනු කරද්දී අපි නීතිය ගැන දැනගෙන ඉන්නවනම් ඒක අපිට ගොඩක් ප්‍රයොජනවත්.අපිට වෙන ඇතැම් අසධාරණකම්වලින් මිදෙන්නත් ඒක ගොඩක් ඉවහල් වේවි කියලයි මගේනම් හැඟීම.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට ලබාදී තිබෙන අයිතිවාසිකම් සහ නෛතික කරුණු කිහිපයක් ගැන මං ඔයාලව අද දැනුවත් කරනව.


Monday, September 10, 2012



ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ මුතුන් මිත්තන් ද වර්තමාන පරපුරට නොදෙවැනි ප්‍රතිභාපූර්ණ කලාත්මක හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවන් බව හැඟවීමට සමත් සංකීර්ණ පච්ච රටාවක් රැගත් සයිබිරියානු කුමාරිකාවකගේ සංරක්ෂිත මෘත දේහය රුසියාවේ ශීත හිම අතර සැඟවී තිබියදී මතු වුණේ ඒ වැළලී ගිය දක්ෂතා ලොවට එළිදරව් කිරීමේ අභිප්‍රායෙනි.
රුසියාවේ “අල්ටායි” උස් කඳු මත  සැඟවී තිබියදී විද්‍යාඥ “නටාලියා ‍පොලොස්මැක්” විසින් සොයාගනු ලැබූ “යුකෝක්” කුමාරිකාවගේ මමියේ කොටා තිබූ පච්ච රටාවන් වසර දෙදහස් පන්සියයක් දුර අතීතයක සිට අද දක්වා කිසිදු වෙනස්වීමකින් තොරව තිබූ අයුරු දුටු කාටත් පුදුම නොවී සිටිය නොහැකිවී තිබේ. 

ක්‍රි.පූ. පස්වන සියවසේ විසූ ග්‍රීක ඉතිහාසයඥයකු වන හෙරඩෝටස් විසින් විස්තර කරන ලද ආකාරයට පුරාණ සංචාරක “පැසිරික් ගෝත්‍රිකයන්ගේ සිරුරුවල ඇඳ තිබූ මිථ්‍යා කතාවල එන සත්ව රූප ආදියෙන් අලංකෘත වූ විවිධ පච්චා රටාවන්ගෙන් එකී ගෝත්‍රිකයාගේ වයසත්, සමාජ තරාතිරමත් හෙළි කරන බැව් විශ්වාස කෙරේ. එදා මෙන්ම අදටද පච්ච කෙටීමේ අරමුණු වෙනස් වී නොමැත්තේ “ පැසිරික්වරු” මෙන්ම විසිඑක්වන සියවසේ නූතන මානවයාද පච්චා කොටනුයේ තම දේහ අලංකරණය උදෙසා වන බැවිනි. මේ පිළිබඳව අදහස් දක්වන ආචාර්ය ‍පොලොස්මැක් පවසනුයේ එදා මෙන්ම අදටද මිනිසකුගේ ශරීරයේ කොටා ඇති පච්ච සංඛ්‍යාවෙන් ඔහුගේ වයස නිර්ණය කර ගැනීම පහසු බවය. වයසින් වැඩිවත්ම තම සිරුරේ ඇති පච්ච එකතුවට තව තවත් අලුතින් පච්ච එකතු කර ගැනීමට ඇලුම් කරන්නන් ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන් ප්‍රකටය. 

Monday, September 3, 2012


බැලූ බැල්මටම ඔයාලට මේක පෙන්නේ හොඳ චිත්‍ර ශිල්පියෙක්ගේ වැඩක් කියල නේද?.එක විදියකින් බැලුවම ඒක හරි.ඒත් බලන්නකො මේක ඇත්තටම මොකක්ද කියලා.මේවගේ වැඩ කාරයොත් ඉතින් ලෝකෙ ඉන්නවනේ.හැම තැනම නෑ මේ වගේ වැඩ කෑලි බලන්න පුළුවන් එකම තැන තමයි ඉතිං ප්‍රබූගේ වැයික්කිය හොදේ...



සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget