Monday, September 10, 2012



ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ මුතුන් මිත්තන් ද වර්තමාන පරපුරට නොදෙවැනි ප්‍රතිභාපූර්ණ කලාත්මක හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවන් බව හැඟවීමට සමත් සංකීර්ණ පච්ච රටාවක් රැගත් සයිබිරියානු කුමාරිකාවකගේ සංරක්ෂිත මෘත දේහය රුසියාවේ ශීත හිම අතර සැඟවී තිබියදී මතු වුණේ ඒ වැළලී ගිය දක්ෂතා ලොවට එළිදරව් කිරීමේ අභිප්‍රායෙනි.
රුසියාවේ “අල්ටායි” උස් කඳු මත  සැඟවී තිබියදී විද්‍යාඥ “නටාලියා ‍පොලොස්මැක්” විසින් සොයාගනු ලැබූ “යුකෝක්” කුමාරිකාවගේ මමියේ කොටා තිබූ පච්ච රටාවන් වසර දෙදහස් පන්සියයක් දුර අතීතයක සිට අද දක්වා කිසිදු වෙනස්වීමකින් තොරව තිබූ අයුරු දුටු කාටත් පුදුම නොවී සිටිය නොහැකිවී තිබේ. 

ක්‍රි.පූ. පස්වන සියවසේ විසූ ග්‍රීක ඉතිහාසයඥයකු වන හෙරඩෝටස් විසින් විස්තර කරන ලද ආකාරයට පුරාණ සංචාරක “පැසිරික් ගෝත්‍රිකයන්ගේ සිරුරුවල ඇඳ තිබූ මිථ්‍යා කතාවල එන සත්ව රූප ආදියෙන් අලංකෘත වූ විවිධ පච්චා රටාවන්ගෙන් එකී ගෝත්‍රිකයාගේ වයසත්, සමාජ තරාතිරමත් හෙළි කරන බැව් විශ්වාස කෙරේ. එදා මෙන්ම අදටද පච්ච කෙටීමේ අරමුණු වෙනස් වී නොමැත්තේ “ පැසිරික්වරු” මෙන්ම විසිඑක්වන සියවසේ නූතන මානවයාද පච්චා කොටනුයේ තම දේහ අලංකරණය උදෙසා වන බැවිනි. මේ පිළිබඳව අදහස් දක්වන ආචාර්ය ‍පොලොස්මැක් පවසනුයේ එදා මෙන්ම අදටද මිනිසකුගේ ශරීරයේ කොටා ඇති පච්ච සංඛ්‍යාවෙන් ඔහුගේ වයස නිර්ණය කර ගැනීම පහසු බවය. වයසින් වැඩිවත්ම තම සිරුරේ ඇති පච්ච එකතුවට තව තවත් අලුතින් පච්ච එකතු කර ගැනීමට ඇලුම් කරන්නන් ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන් ප්‍රකටය. 


පච්ච කලාවේ ඉතිහාසයත් වර්තමානයත් සම්බන්ධ කරන අනෙක් සමානකම වනුයේ, හා හා පුරා කියා තම මුල්ම පච්චය කෙටීම සඳහා පුද්ගලයකු සිය ශරීරයේ තෝරා ගන්නා ස්ථානයයි. එකී ස්ථානය ලෙස එදා මෙන්ම අදටද ප්‍රකටව ඇත්තේ වම් උරහිස බව පවසන ආචාර්ය ‍පොලොස්මැක් මීට හේතුව ලෙස විශ්වාසය කරනුයේ කා හටත් හොඳින් ප්‍රදර්ශනය වන ලෙස අලංකාර අයුරින් පච්චයක් නිර්මාණය කිරීමට හැක්කේ වම් උරහිසේ බවට ඇති පිළිගැනීමයි. ඔවුන් විසින් සොයාගනු ලැබූ සෑම මමියකම අවම ලෙස එක් පච්ච රටාවක් හෝ තිබුණා නම් එය අනිවාර්යයෙන්ම සිතුවම් වී තිබි ඇත්තේ මමීකරණයට ලක්වූ සිරුරේ වම් උරහිස මතය.


මොංගෝලියාවල චීනය හා කසකස්ථානය සමඟ ඇති සිය දේශසීමාවනට ආසන්නයේ මුහුදු මට්ටමින් මීටර් දෙදහස් පන්සියයක් උඩින් පිහිටි රුසියාවේ යුකෝක්ල සානුවේ අයිස් යට සැඟවී පැවති පැසිරික් සුසාන භූමියකින් හමුවූ විසිපස් හැවිරිදි කුමාරිකාවට අමතරව තවත් පුරාණ රණකාමීන් දෙදෙනකුගේ සිරුරු ද හමු වී ඇති අතර ඔවුන්ගේ සිරුරද පච්ච රටාවලින් අලංකාර කර ඇති අයුරු පැහැදිලිව දැක ගත හැකිය. 
කුමාරිකාවගේ සිරුර සමඟ මරණයෙන් පසුව ඇය මීළඟ ලෝකයට අරඹන ගමනට ආධාර වනු පිණිස වළලන ලද සැදෑල දමා ගමනට සුදුසු වන ලෙස සකස් කළ අසුන් හය දෙනකු ද මිහිදන් කර තිබිණ.මීට අමතරව ඒ රත්තරන් හා ලෝකඩ මිශ්‍ර ආභරණවල ගංජා අඩංගු කුඩා බඳුනක් ද තිබී ඇති අතර නාඳුනන වනිතාව රාජකීයකු ද නැතහොත් එකල සිටි පුණ්‍යවන්ත සැදැහැවතියක් ද යන්න නිශ්චය කර ගැනීමේ ගැටලුවට පුරාවිද්‍යාඥයින් මැදිව සිටිති.

පැසිරික් විශ්වාසයන්ට අනුව පච්ච කෙටීම පුද්ගල වයස තරාතිරම හෙළි කරනවා පමණක් නොව සිය අනන්‍යතාව ද ලොවට කියාපාන කැඩපතකි. මරණයෙන් මතු ලෝකයේ දී සම්මුඛ වන සිය පවු‍ලේ සාමාජිකයන්ට එකිනෙකා හඳුනා ගැනීමට මෙම පච්ච උපකාරී වනු ඇති බවට පැසිරික්වරු විශ්වාස කළහ.මිථ්‍යා සත්ව රූපවලින් සිය සිරුරු අලංකාර කර ගැනීමට පැසිරික්වරු රුචිකත්වයක් දැක්වූ බව පෙනී යන්නේ “යුකෝක්” කුමරියගේ මෙන්ම ඇය සමඟ මිහිදන්ව සිටි සෙබළුන් දෙදෙනාගේ සිරුරු ද සිංහ රාජාලියකු හා මකරා වැනි සතුන්ගේ අවයවවල සම්මිශ්‍රණයකින් සිතුවම් කර තිබූ බැවිනි. 
මීට දහනව වසරකට පෙර දී කැණීම් හරහා මතු වූ සහස්රි දෙකක් පැරණි පච්ච සිතුවම් රැගත් “යුකෝක්” කුමරිය “ගෝනෝ අල්ටායික්” හී ජාතික කෞතුකාගාරයේ දී මහජන ප්‍රදර්ශනයට ද ඉදිරිපත් කර තිබේ.




                                                                                                                                           උපුටා ගැනීම ලක්බිම පුවත්පත 

4 comments:

manesh said...

niyamai...... go ahead aiyya..........

prabuddhi ranasinghe said...

ස්තූතියි මල්ලි

අවතාර් said...

ela

prabuddhi ranasinghe said...

thanks yaalu(awathar)

සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget