සාමාන්‍යයෙන් මගේ ලැයිමෙත් හොද හොද කතාවල් සෙට් වෙන්නේ පෙට්ටි කඩේ ළගදි තමයි.කුණු කතා, රස කතා,විහිළු කතා,බලු කතා,මඩ කතා විතරක්ම නෙවේ හරවත් කතාත් ඉතින් කැරකෙන්නේ මෙන්න මේ පෙට්ටි කඩේ ළග සෙට් වෙන ගැන්සිය අතරේ බව අමුතුවෙන් කියන්න ඔනි නෑනේ.ඉදල හිටල කැළෑ පත්තරයක් දෙකක් වදින්නෙත් ඉතින් මෙතනදිම තමයි.හැබැයි මගේ වැයික්කියේ කැළෑ පත්තරවලට නම් NO ඉඩ.........

          ..................................................................................... 



ලොවක් ජයගත් හපන්නු 3ක්

සන්නිවේදනයේ දී අප තරුණ පරපුර අතර දැන් වඩාත් ම ජනප්‍රියව පවතින්නේ SMS පණිවුඩ හුවමාරුවයි. අඩු වියදම සහ පෞද්ගලිකත්වය සුරැකීම එයට හේතු වූවා විය හැකියි. මඟ තොටදී දුම්රියේ බස් රියේ යන එන කොතැනක වුව ජංගම දුරකථනයේ Screen සහ Key board දෙස නොබලා වුව තත්පර කීපයකින් ඇඟිලි හුරුවට SMS ගැසීමට අද තරුණ තරුණියෝ හපන්නු වෙති. දැන් දැන් වැඩිහිටියන් අතර දSMS භාවිතය ජනප්‍රිය වී තිබේ.

සන්නිවේදන ක්ෂේත්‍රය දියුණු වෙමින්

අලුත් තාක්ෂණය එකතු වෙද්දී මේSMS පණිවුඩවල ආරක්ෂිතභාවය සුරකින මෘදුකාංගයක් නිපදවීමට අපේ පුංචි හපන්නු තිදෙනෙක් සමත්ව සිටිති. කොළඹ රාජකීය විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ගණිත අංශයේ ඉගෙනුම ලබන මේ හපන්නු සිය මෘදුකාංගය අන්තර්ජාතික තරගයකට ඉදිරිපත් කර ලෝකයේ ම දෙවැනි තැන දිනා ගැනීමට සමත් වූහ. ඔව්හු නමින් රොෂ්නාල් ලිහිනිකඩු, අදීශ ගම්මන්පිල සහ චමත් පලිහවඩන ය.

ලෝකයේ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග සංවර්ධනය කිරීමේ පුරෝගාමී ඇමෙරිකානු ආයතනයක් වන Oracle ආයතනය, මඟින් සංවිධානය කළ Think Quest 2012 තරගය සඳහා ලෝකයේ සෑම රටකින් ම පාහේ විවිධ තේමා යටතේ තරුණ කණ්ඩායම් 5600 කට වඩා සහභාගි වූහ.

වයස් කාණ්ඩ කීපයක් යටතේ පැවැති මේ තරගාවලියේ වයස අවුරුදු 17 න් පහළ කාණ්ඩයේ ලෝකයෙන් ම දෙවැනි ස්ථානය දිනා ගත්තේ මේ රාජකීය සිසුන් තිදෙනා ය. පළමු සහ තෙවැනි තැන් පිළිවෙළින් ඇමෙරිකානු සහ ඉන්දීය සිසුන් විසින් දිනා ගනු ලැබිණි. අපේ සිසුන් ඉදිරිපත් වූයේ Application Development (මෘදුකාංග නිර්මාණය) යන තේමාව යටතේ වූ තරගයට ය. තරගය සඳහා ඔවුන් ඉදිරිපත් කළේ SMS පණිවුඩවල ආරක්ෂිතභාවය සුරකින මෘදුකාංගයකි. ලොව කිසිවකු විසින් මෙතෙක් එවැනි මෘදුකාංගයක් නිපදවනු ලැබ නොතිබිණ.

අපි තුන්දෙනා ම විනෝදාංශයක් ලෙසට මෘදුකාංග තැනීමේ කටයුත්තේ යෙදිලා ඉන්නේ. අප මේ මෘදුකාංගය මුලින් ම අප පාසලේ Royex ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළා. ඉන්පසු අනිත් අයගේ උදව් උපකාර හා අදහස් අරන් අඩුපාඩු හදාගෙන එය සංවර්ධනය කළා. පාසලෙන් ද අපට උදව් ලැබුණා. අප මෙය තරගය සඳහා ඉදිරිපත් කරද්දී තරග සංවිධානය බාර ඉනෝකා සමරක්කොඩි ගුරුතුමිය අපට උදව් වුණායැයි රොෂ්නාල් පැවසීය.

මේ සිසු දරුවන් පරිගණක භාවිතයට හුරු වූයේ කුඩා කල පටන්ය. දිගින් දිගටම පරිගණක අතපත ගාමින් සිය දැනුම දියුණු කරගත් ඔව්හු මෘදුකාංග නිපදවීම සඳහා පිවිසුණේ අටවැනි ශ්‍රේණියේ දී ය. පාඨමාලා හදාරමින් සිය පරිගණක දැනුම දියුණු කරගත් ඔවුනට මෙතෙක් දුරක් පැමිණීම සඳහා දෙමවුපියන් ගුරුවරුන් හා රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා අතහිත දුන් බව ඔව්හු පැවසූහ.

ඔවුන් තමන් නිපදවූ මේ මෘදුකාංගය නම් කර ඇත්තේ TED (Text Encryptor and Decryptor) ලෙසිනි.

මේ මෘදුකාංගය භාවිතා කළ හැක්කේ ජාවා අනුගත (Compatible) ජංගම දුරකථන සඳහා පමණයි. එසේ ම මෙහි ආරක්ෂිත බව ලැබීමට නම් SMS පණිවුඩ හුවමාරු කරගන්නා දෙපාර්ශ්වයට ම මේ මෘදුකාංගය තිබිය යුතුයි. මේ මෘදුකාංගයෙන් ලැබෙන සුරක්ෂිතභාවය නිසා පිටස්තර කිසිවකුට හෝ ඒ අදාළ දුරකථන හිමියාගේSMSකියවීමට ලැබෙන්නේ නැහැයැයි චමත් TED මෘදුකාංගය පිළිබඳව අප දැනුම්වත් කළේය.

\රොෂ්නාල්, අදීශ හා චමත් තිදෙනා එක්ව නිපද වූ TED මෘදුකාංගය පිළිබඳව වැඩිදුරටත් අප හා තොරතුරු පැවසුවේ අදීශය.

පණිවුඩය ලබන්නා හා යවන්නා යන දෙදෙනාටම මේ මෘදුකාංගය තිබිය යුතුයි. මෙය ජංගම දුරකථනයෙන් පළමු වතාවටInstall වන විට ඔහු වෙත User Account එකක් හා Password එකක් දෙනු ලැබේ. යම් SMS එකක් ලද විට TED, account එකට SMS එක ලැබේ.

එවිට එම පණිවුඩය දුරකථනයේ නිවැරැදි අයිතිකරුට මිස අන් අයකුට කියවිය ;නාහැකි යි. අන් අයට මේ පණිවුඩය දැකීමට හැකි නමුත් එය(encrypted) රහසිගත භාෂාවකින් ඇති නිසා කිසිදු අයුරකින් අන් අයකුට කියවිය නොහැකි ය. මෙමගින්SMS වල ආරක්ෂිතභාවය සුරැකෙනවා.

ලෝකයෙන් ම දෙවැනි තැන ලැබූ මේ හපනුන්ට ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝ නගරයේ දින පහක් ගත කරමින් විශ්වවිද්‍යාල කීපයක සංචාරය කිරීමට අවස්ථාව ලැබී තිබේ. ඒ අතරතුර පරිගණක විද්‍යාව පිළිබඳ වැඩමුළු කීපයක් සඳහා ද සහභාගි වීමේ අවස්ථාව හිමිවේ.


TED
මෘදුකාංගය පිළිබඳ වැඩිදුර තොරතුරු www.tedmobile.net වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ඔව්හු පවසයි.
                                                                                 Lanka C News
ඇසුරෙනි.



  .....................................................................................


                                 අරුම පුදුම සිද්ධි ටිකක්....

මං මේ ඔයාලට දැන් කියන්න යන්නේ Microsoft ආයතනයටත් වටහා ගන්න බැරි වුණාය කියන කරුණු කිහිපයක් ගැනයි.සමහරු මේ ගැන දන්නව ඇති.ඒත් මේ නොදන්න අයටයි හොදේ...



1).ඔයාලගේ පරිගණකයේ con නමින් folder එකක් සොයා ගැනීමට නොහැකි වගේම ඔබට කිසිදු අයුරකින් folder එකක් 'con' නමින් save කරන්නත් බැහැ Microsoft ආයතනයටත් මේ ගැන පිළිතුරක් නැහැ.ඔයාලත් මේක ඇත්තක්ද කියල උත්සාහ කරලා බලන්නකෝ.

2).MS Wordවලට ගිහින් එහි=rand(200,99)ලෙස ටයිප් කරලා Enter එක ඔබන්න.බලන්න දැන් මොකක්ද වෙන්නෙ කියලාBill Gatටත් මෙය වටහා ගන්න බැරිලු.

3).ගුවන් යානා අංක Q33N දරන ගුවන් යානාව තමයි අමෙරිකානු ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ එක් කුළුනක ගැටී ඒ මහා විනාශය සිදු කළේ.ඉතින් දැන් ඔයාල යන්න notepad/wordpad හෝMS wordවලට එහි type කරන්න Q33N නමැති ගුවන් යානා අංකය.(Q33N)ඊට පස්සේ Front size එක 72 කරන්න.Front එක Wingdingsවලට මාරු කරන්න.
බලන්න දැන් මොකක්ද වෙන්නේ කියලා.
පුදුමයි නේද?.

 .....................................................................................



සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget