Monday, November 19, 2012


  

රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1


ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්‌" යනුවෙන් හැඳින්වේ.

වසර හතරකට වරක්‌ පවත්වන මෙම තරගාවලිය ක්‍රීඩා සහ වෙනත් ක්‍ෂේත්‍රවලින් පැවැත්වේ.

ක්‍රීඩා ක්‍ෂේත්‍රයෙන් පවත්වන ඔලිම්පික්‌ තරගයට කාගේත් වැඩි අවධානය යොමුවී ඇති බව කවුරුත් දන්නා දෙයකි.

1948 ලන්ඩන් ඔලිම්පික්‌ උළෙලේදී ඩන්කන් වයිට්‌ විසින් කඩුලුමතින් (400 මී) දිවීමේ තරගයකින් රිදී පදක්‌කමක්‌ ඔලිම්පික්‌ තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනාගත් අතර පසු කාලයකදී සුසන්තිකා ජයසිංහ 2000 සිඩ්නි ඔලිම්පික්‌ උළෙලේදී ධාවන තරගයකින් (200 මී) රිදී පදක්‌කමක්‌ දිනාගත්තාය.

ඒ කාලයේ එය මහත් ඉහළින් රටේ නායකයාගේ සිට කවුරුත් පිළිගැනීමක්‌ කළේය.

ඔලිම්පික්‌ තරගයකදී රන් පදක්‌කමක්‌ සිහිනයක්‌ වී තිබෙන මේ යුගයේ ඔලිම්පික්‌ තරගයකදී ශ්‍රී ලංකාව පළමු ස්‌ථානය දිනාගත්තේ යෑයි කීවොත් කවුරුත් පිළිනොගන්නා දෙයකි. එහෙත් එය සැබෑවකි.

ඔලිම්පික්‌ තරගාවලියට සමගාමීව පවත්වන තවත් තරගයක්‌ වූයේ සූපවේදී ඔලිම්පික්‌ තරගයයි.

Wednesday, November 14, 2012



ඇය ලෝකයේ වියපත්ම තැනැත්තියයි. වයස අවුරුදු 113යි. ඇය වාමන ගැහැනියක්‌ හෙවත් ඉතා කුඩා ශරීරයක්‌ ඇති ගැහැනියක්‌. ඉන්දියාවේ භූපාල් ප්‍රදේශයේ ජීවත් වන ඇගේ නම සීනත් බී. 

ඉන්දියන් ආණ්‌ඩුවේ විශ්‍රාම වැටුප් වාර්තාවලට අනුව ඇගේ වයස අවුරුදු 101යි. එහෙත් ඇය තරයේම කියන්නේ තමාගේ වයස අවුරුදු 113ක්‌ බවයි.

ගිනස්‌ ලෝක වාර්තා පොතට අනුව ලොව වියපත්ව වාමන මනුෂ්‍යයා වන්නේ ලොවෙල් ඩෙෆොරස්‌ට්‌ මේසන් (Lowell De forest Mason). ඔහුගේ වයස අවුරුදු 74ක්. 

සීනත් බී ඉස්‌ලාම් ආගම අදහන කාන්තාවක වන අතර ශුද්ධ වූ මක්‌කමට වන්දනා ගමනක යෙදීම සහ සල්මාන් ඛාන් මුණගැසීම ඇගේ සිහින පෝලිමේ අංගයි.

Tuesday, November 13, 2012






ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ රස වෙදකම මැයින් එක්‌ අංශයක්‌ ඇත. එහිදී බෙහෙත් වර්ග සාදනුයේ උග්‍ර විෂ සහිත රසදිය රිදී, රත්තරන්, පාසානම්, යකඩ, තඹ, ගෙන්දගම්, පල්මානික්‌කන්, විවිධ රත්නවර්ග, නවරත්න, ඛනිජ වර්ග හා කණේරු, නියඟලා, වච්චනාවි, වැනි විෂ සහිත පැලෑටි වර්ග උපයෝගී කරගෙනය. මේ සෑම ද්‍රව්‍යයක්‌ම, ශෝධන හා මාරණ යන නමින් ක්‍රම දෙකකම ඒවායේ ඇති විෂ අයින් කරනු ලැබේ. එවිට ඒවා අමෘතය මෙන් ගුණදෙන බවද දක්‌වා ඇත. සුදු පාසානම්, කහ පාසානම් ආදී පාසානම්, වර්ග පහක්‌ ඔසු පිණිස ගැනේ. ඒවා ශෝධන කර ගන්නේත්, පළමුවෙන් පුහුල් යුෂ වල හුමාලයෙන් තම්බා ගැනීමෙන් හා කරවිල ගෙඩිය තුළට දමා මැටි බැද උනු අලුපල්ලේ තබා ගැනීමෙන්ය. මෙසේ කීපවරක්‌ කිරීමෙන්ම ඒවායේ විෂ පහවී යයි. පුහුල් යුෂයෙන් තම්බා ගන්නා ක්‍රමයට දෝලා යන්ත්‍රයෙන් තම්බා ගැනීම යෑයි ව්‍යවහාර කරති.



1968 දී අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැති පරිගණක සමුළු වේදී 192kbක අතිශය ප්‍රථමික ධාරිතාවක් ඇති මේන්-ෆ්‍රේම් පරිගණකයක් සැතපුම් 25ක් ඈත සිට ක්‍රියා කර නරඹන්නන් විශ්මයට පත් කළ මවුසයේ නිර්මාපකයා ඩග්ලස් එන්ගල්බාට් වන මොහුයි.

මවුසය ද ඇතුළුව පරිගණක ආශ්‍රිත නිර්මාණ 200කට පමණ පේටන් බලපත්‍ර මොහු සතුයි.ඒ සෑම නිර්මණයකම විශේෂත්වය යුසර් ෆ්‍රෙන්ඩ්ලි එනම් භාවිත කරන්නට ඉතා පහසුවෙන් හැසිරවිය හැකි වීම විශේෂත්වයකි.

Sunday, November 11, 2012


අන්තර්ජාලය කියන දේ අපි හැමෝම මේ වෙනකොට භාවිත කරනවා. ඒකට වයස් භේදයක් නෑ. හැමෝටම අන්තර්ජාලය කියන දේ ගොඩක් උදව් වෙනව වගේම තමයි ඒ තුළින් අන්තර්ජාලය නොමනා භාවිතයටත් බොහොමයක් දෙනා පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අන්තර්ජාලය එක්ක ගනුදෙනු කරන අයට FB ACCOUNT එකක් නැතිවෙන්නෙ එහෙමත් වෙලාවක. මෙතැනදි ගොඩදෙනෙක්ට යාළුවො හම්බවෙනව වගේම තමයි මේ හින්ද රට වටේ තියෙන කරදර පටලවගන්න වෙලාවලුත් එමටයි. තමන්ගෙ ජීවිතේ නොතේරුම්කමට කරපු දෙයක් හින්ද තේරුම්කමක් තියෙන වයසකදි තමන්ට ඒක මානසික පීඩාවක් වෙනවනම් ඒ කරුණම මොනතරම් UPSET ද? ඒත් මේ වගේ දෙයක් හින්ද මානසික පීඩාවට ලක්වුණු තරුණියක් පසුගියදා තමන්ගෙ සුන්දර ජීවිතයෙන් සදහටම සමුගත්තා. ඈ තමයි AMANDA.

Saturday, November 10, 2012


ජීවිතය කියන්නේ අභියෝගයක්.හිතන්න ඒ අභියෝගය භාරගන්න ඔයාලා කොච්චර දුරට ලෑස්තිද කියලා.ඉතින් මං මේ කියන්නෙත් එහෙම ජීවිතේ අභියෝග නොසැලී භාරගත්, ඒවා ජයගත්ත මිනිස්සු කිහිප දෙනෙක් ගැනයි.මේ පුංචි කතා ටිකක් විතරයි.ඒත් මේ චරිතවලින් ගන්න තියන දේ නම් කිසිසේත්ම පුංචි නෑ.සාවදානව කියවල බලන්න.ඔබටත් කවදක හරි මේවගේ කෙනෙක් වෙන්න බැරිකමක් නම් නෑ.එහෙනම් ඒකට අවශ්‍යවන්නේ එකම දෙයයි.ඒ මොකක්ද කියල ඔයාලටම තෙරෙවි මේ පුංචි කතා ටික කියෙව්වම


1).ශාරුක් ඛාන් අවුරුදු ගාණක් ආපන ශාලවක වේටර් වරයකු ලෙස වැඩ කරපු කෙනෙක්.ඒ වගේම තමයි දමිළ සිනමාවේ සක්විති ලෙස හඳුන්වනු බනරැජිනි කාන්ත් අවුරුදු විසි පහේ දී බස් කොන්දොස්තර කෙනෙක්.

............................................................................................................


2).ඒ කාලේ සිංදු කියන්න හරිම ආසාවෙන් හිටපු තරුණයෙක් හිටියා.ඔහු අවුරුදු ගණනාවක් වේදිකාවල සල්ලි ගන්නේ නැතිව ගීත ගායනා කළා.සමහරු ඔහුට 'හූ'තිබ්බා.ඔහු ගායනා කළ මුල්ම චිත්‍රපටි ගීතයත් නිෂ්පාදක කපලා ඉවත් කළා.ඒ චිත්‍රපටි නිෂ්පාදකයා මේ තරුණයාට බැන වැදුනේ ඔහුට සිනමාවට ගැලපෙන කට හඬක් නැතැයි කියලයි.ඒත් මේ තරුණයා තමන්ගේ උත්සාහය නම් අත් හැරියේ නෑ.පසුව ඔහු ලංකා සිනමාවට නැතුවම බැරි ගායකයෙක් වුණා.ඒ තමයි අපි කව්රුත් අදරය කළ,ආදරය කරන එච්.ආර්.ජෝතිපාල කෘතහස්ථ ගායන ශිල්පියා.

Tuesday, November 6, 2012



















ඔහු නමින් "ජෝස් මුජීකා"ය.[José Mujica] වෙනත් ලෙසකින් කිවහොත් ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයාය. 

නමුත් ඔහු ලොව පුරා ගෞරවයට ලක්ව සිටින්නේ මේ කිසි අයුරකින් නොව ලොව "දුප්පත්ම" නැතහොත් ලොව "වඩාත් ත්‍යාගශීලී" ජනාධිපතිවරයා ලෙසිනි. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු සිය මාසික වැටුපෙන් 90%ක්ම ජනතාවගේ සුභසාධන කටයුතු සඳහා යොදවන බැවිනි.

ඔහු හට විශාල වත්කමක් නැත. ඔහු හට ඇති විශාලතම වත්කම නම් ඔහු හට හිමි දශක ගණනක් පැරණි Volkswagen Beetle මාදිලියේ කාරයකි. ඔහු තවමත් ජීවත්වන්නේ ඔවුනට අයත් ගොවිපලකය. එයද ඇත්තේ ඔහුගේ බිරිඳගේ නමටය.


ඇය ඔහුට ඇගේ පන මෙන් ආදරය කලාය.ඔවුන් ජීවත වූයේ ඔවුන්ගේම ලෝකයක් තනාගෙනය.ඔවුන්ගේ මෙම ආදරය උසස් පෙළ ආරම්භ වීමත් සමඟ තවත් දලු ලා වැඩැන්නට විය.ඔවුන් දිනක් ඔවුන්ගේ අදරයේ සිමාවෙන්වලින් ඔබ්බට පැන ගියේය.දිනක් පන්තියේ ගුරුවරයාට පන්තියට පැමිණීමට නොහැකි වුවේය..එදින මොවුන් දෙදනා පන්ති අවසන් වේලාව පැමිණෙන තුරු ලැගුම්හලක ගත කළේ තම ජිවිතයේ සුන්දරම හෝරාවන් කිහිපය එය යයි සිතමිනි.

එම හෝරාවන් අතරතුර පෙම්වතාගේ දුරකතනයෙන් ඇගේ පින්තුර කිහිපයක් ගත්තේ ඇයගෙ අනුදැනුමද ඇතිවය.ඔවුන් දෙදෙනාගේ සිතේ ආදරය මිස වෙන කිසිවක් නොවිය.. දින සති ගෙවි ගියේය.ඔවුන්ගේ බැදීම් තවත් වැඩි විය. ඔවුන් නිතර නිතර ඒසේ මුණ ගැසුණේය.තව තවත් පින්තුර හා විඩියෝ ඔහුගේ දුරකතනයේ සටහන් විය.

එක දිනක් ඔහුගේ දුරකතනය බිම වැටී ක්‍රියවිරහිත වීම හෙතුවෙන් ඔහු එය දුරකතන වෙළෙඳසලකට ගෙනගොස් දෝෂය නිවැරැදි කරගැනීමට ලබාදී අවේය.වෙළෙඳසලෙහි සිටි අයියා එය ගෙනගොස් දොෂය නිවැරැදි කර ටිකක් දුරකතනය පරික්ෂා කිරිමේ දී ඔහුගේ ඇස්වලට මෙම ඡයාරුප හසුවුයේය. මොහු එම ඡයාරුප හා වීඩීයෝ සියල්ලම ඔහුගේ දුරකතනයට ලබාගත්තේ තාක්ෂණයේ දියුණුවේ ආදාරයෙනි.පෙම්වතා දුරකතනය ‍රැගෙන ගෙදර ගියේ තම පෙම්වතිය සමඟ මලක් 2ක් කැඩීමටය.වෙළෙඳසලෙහි අයියා ගෙදර ගියේ ඡයාරුප හරි ආකාරයට බලා ගැනිමටය.

ඔහු ගෙදර ගොස් සියල්ල බලා අනුන්ගේ සතුටින් ඔහු ද යම් සතුටක් ලබුවා පමණක් නොව තම මිතුරන්ට ද ඒව පෙන්වුයේ බෙදාහදා ගැනීම තනිවම බුක්ති විදිනවාට වඩා වටින නිස වෙන්නට පුළුවන.මෙසේ කලය ගත වුණේය.ඔහු හා ඇය මේ කිසිවක් සිහිනෙකින්වත් සිතා සිටියේ නැත.
තාක්ෂණයේ දියුණුවටද පින්සිද්ධ වන්නට  ඡයාරුප සහ වීඩීයෝ රටපුරා හා අන්තර්ජාතිකව ද විසීරී ගියේය.ටිකෙන් ටික ඇය පරේ යනවිට කොල්ලන් විහිලු කිරිමට ද,පසු පස ඒමට ද පටන්ගත්තේය.එහෙත් ඒවා ඇය එතරම් ගනන්ගත්තේ නැත.


Wednesday, October 10, 2012




මගේ මේ ලිපිය හොඳට පැහැදිලිව කියවන්න පහත 
ලින්ක් එක ක්ලික් කරන්න

http://www.dinamina.lk/epaper/art.asp?id=2012/10/10/pg26_0&pt=p&h=


http://www.dinamina.lk/epaper/?id=26&tday=2012/10/10






Saturday, October 6, 2012


වසර 3කට පෙර ,


දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය.

" කට්ටියක් අපිට වෙඩි තියනවා " ....

ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.

ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය.


ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි.

" මම හිතුවා එදා මම මැරෙයි කියලා "

අද ,


වසර 30 කට අධික කාලයක් යුද්දයෙන් බැට කා ශ්‍රි ලංකාවාසීන් අද ආඩම්බරයෙන් ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය තම සුන්දර දූපතේ පවත්වයි. ශ්‍රි ලංකාව අවසාන තරගයටද සුදුසුකම් ලබා ඇත.

ශ්‍රි ලංකාවාසීන් සිනහමුසු මුහුණින් සිටියත් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ අවාසානාවන්ත සිවිල් යුද්ධය සිතින් අමතක කර නොමැත.
ඔවුන් අද ලොවටම පවසන්නෙ ඔවුන් සිටිය ආකාරත් අද සිටින ආකරයත්ය.
අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබා දුන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කල හිටපු ශ්‍රි ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසය.
යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ජනතාවට නැවත සතුටු විය හැකි ආරංචිය බොහෝ දුරට මෙම ලෝක කුසලානය වීමට ඉඩ තිබේ. එය මේ ඉරිදා තීරණය වනු ඇත.
එහෙත් ශ්‍රි ලාංකීය ජනතාව ඔවුන්ගේ ක්‍රිකට් නායකයා ගැන ආඩම්බර විය යුතුය. ඒ ඇයි ?


අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි.


සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget