ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ මුතුන් මිත්තන් ද වර්තමාන පරපුරට නොදෙවැනි ප්‍රතිභාපූර්ණ කලාත්මක හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවන් බව හැඟවීමට සමත් සංකීර්ණ පච්ච රටාවක් රැගත් සයිබිරියානු කුමාරිකාවකගේ සංරක්ෂිත මෘත දේහය රුසියාවේ ශීත හිම අතර සැඟවී තිබියදී මතු වුණේ ඒ වැළලී ගිය දක්ෂතා ලොවට එළිදරව් කිරීමේ අභිප්‍රායෙනි.
රුසියාවේ “අල්ටායි” උස් කඳු මත සැඟවී තිබියදී විද්‍යාඥ “නටාලියා පොලොස්මැක්” විසින් සොයාගනු ලැබූ “යුකෝක්” කුමාරිකාවගේ මමියේ කොටා තිබූ පච්ච රටාවන් වසර දෙදහස් පන්සියයක් දුර අතීතයක සිට අද දක්වා කිසිදු වෙනස්වීමකින් තොරව තිබූ අයුරු දුටු කාටත් පුදුම නොවී සිටිය නොහැකිවී තිබේ.
ක්‍රි.පූ. පස්වන සියවසේ විසූ ග්‍රීක ඉතිහාසයඥයකු වන හෙරඩෝටස් විසින් විස්තර කරන ලද ආකාරයට පුරාණ සංචාරක “පැසිරික් ගෝත්‍රිකයන්ගේ සිරුරුවල ඇඳ තිබූ මිථ්‍යා කතාවල එන සත්ව රූප ආදියෙන් අලංකෘත වූ විවිධ පච්චා රටාවන්ගෙන් එකී ගෝත්‍රිකයාගේ වයසත්, සමාජ තරාතිරමත් හෙළි කරන බැව් විශ්වාස කෙරේ. එදා මෙන්ම අදටද පච්ච කෙටීමේ අරමුණු වෙනස් වී නොමැත්තේ “ පැසිරික්වරු” මෙන්ම විසිඑක්වන සියවසේ නූතන මානවයාද පච්චා කොටනුයේ තම දේහ අලංකරණය උදෙසා වන බැවිනි. මේ පිළිබඳව අදහස් දක්වන ආචාර්ය පොලොස්මැක් පවසනුයේ එදා මෙන්ම අදටද මිනිසකුගේ ශරීරයේ කොටා ඇති පච්ච සංඛ්‍යාවෙන් ඔහුගේ වයස නිර්ණය කර ගැනීම පහසු බවය. වයසින් වැඩිවත්ම තම සිරුරේ ඇති පච්ච එකතුවට තව තවත් අලුතින් පච්ච එකතු කර ගැනීමට ඇලුම් කරන්නන් ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන් ප්‍රකටය.
පච්ච කලාවේ ඉතිහාසයත් වර්තමානයත් සම්බන්ධ කරන අනෙක් සමානකම වනුයේ, හා හා පුරා කියා තම මුල්ම පච්චය කෙටීම සඳහා පුද්ගලයකු සිය ශරීරයේ තෝරා ගන්නා ස්ථානයයි. එකී ස්ථානය ලෙස එදා මෙන්ම අදටද ප්‍රකටව ඇත්තේ වම් උරහිස බව පවසන ආචාර්ය පොලොස්මැක් මීට හේතුව ලෙස විශ්වාසය කරනුයේ කා හටත් හොඳින් ප්‍රදර්ශනය වන ලෙස අලංකාර අයුරින් පච්චයක් නිර්මාණය කිරීමට හැක්කේ වම් උරහිසේ බවට ඇති පිළිගැනීමයි. ඔවුන් විසින් සොයාගනු ලැබූ සෑම මමියකම අවම ලෙස එක් පච්ච රටාවක් හෝ තිබුණා නම් එය අනිවාර්යයෙන්ම සිතුවම් වී තිබි ඇත්තේ මමීකරණයට ලක්වූ සිරුරේ වම් උරහිස මතය.
මොංගෝලියාවල චීනය හා කසකස්ථානය සමඟ ඇති සිය දේශසීමාවනට ආසන්නයේ මුහුදු මට්ටමින් මීටර් දෙදහස් පන්සියයක් උඩින් පිහිටි රුසියාවේ යුකෝක්ල සානුවේ අයිස් යට සැඟවී පැවති පැසිරික් සුසාන භූමියකින් හමුවූ විසිපස් හැවිරිදි කුමාරිකාවට අමතරව තවත් පුරාණ රණකාමීන් දෙදෙනකුගේ සිරුරු ද හමු වී ඇති අතර ඔවුන්ගේ සිරුරද පච්ච රටාවලින් අලංකාර කර ඇති අයුරු පැහැදිලිව දැක ගත හැකිය.
කුමාරිකාවගේ සිරුර සමඟ මරණයෙන් පසුව ඇය මීළඟ ලෝකයට අරඹන ගමනට ආධාර වනු පිණිස වළලන ලද සැදෑල දමා ගමනට සුදුසු වන ලෙස සකස් කළ අසුන් හය දෙනකු ද මිහිදන් කර තිබිණ.මීට අමතරව ඒ රත්තරන් හා ලෝකඩ මිශ්‍ර ආභරණවල ගංජා අඩංගු කුඩා බඳුනක් ද තිබී ඇති අතර නාඳුනන වනිතාව රාජකීයකු ද නැතහොත් එකල සිටි පුණ්‍යවන්ත සැදැහැවතියක් ද යන්න නිශ්චය කර ගැනීමේ ගැටලුවට පුරාවිද්‍යාඥයින් මැදිව සිටිති.

මීට දහනව වසරකට පෙර දී කැණීම් හරහා මතු වූ සහස්රි දෙකක් පැරණි පච්ච සිතුවම් රැගත් “යුකෝක්” කුමරිය “ගෝනෝ අල්ටායික්” හී ජාතික කෞතුකාගාරයේ දී මහජන ප්‍රදර්ශනයට ද ඉදිරිපත් කර තිබේ.
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
ඇය ලෝකයේ වියපත්ම තැනැත්තියයි. වයස අවුරුදු 113යි. ඇය වාමන ගැහැනියක් හෙවත් ඉතා කුඩා ශරීරයක් ඇති ගැහැනියක්. ඉන්දියාවේ භූපාල් ප්‍රදේශයේ ජ...
-
ඔන්න ඉතින් මටත් නිකන් ඉන්න බැරි කමට බ්ලොග් එකක් හදාගන්න හිතුනා.ප්රබූගෙ වැයික්කිය පටන්ගත්තේ රස්සාව කරන ගමන් ලැබෙන පොඩි පොඩි විවේක වෙලාවල...
-
ඔහු නමින් "ජෝස් මුජීකා"ය.[José Mujica] වෙනත් ලෙසකින් කිවහොත් ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයාය. නමුත් ඔහු ...
-
වසර 3කට පෙර , දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය...
-
සේද මවතේ ගමන් කරන සෑම අයෙකුටම ලෝක ඉතිහසයෙන් සැඟව ගිය බොහෝ රහස් සොයා ගත හැක.මහා අසියානු සංස්කෘතිය බටහිර ලෝකයට සම්ප්‍රේශණය වුයේ මෙම මාර්ග...
4 comments:
niyamai...... go ahead aiyya..........
ස්තූතියි මල්ලි
ela
thanks yaalu(awathar)
Post a Comment
බොහොම ස්තූතියි.....