ඕනම කෙනෙක් ඉතින් කුණු හෝද ගන්න,නා ගන්න,වතුර පුරවගන්න සෙට් වෙන තැන තමයි මේ නාන බටේ.මෙතනත් ඉතින් හොද හොද සෙල්ලම් තමයි වෙන්නේ.අලුත් අලුත් දේවල් ගැන කතාවෙන නියම තැනත් නාන පොට් එකනේ ලැයිමේ.මගේ වැයික්කියේ ඉන්න සෙට් එකටත්,ඉදල හිටල මෙහෙට පහත් වෙන කස්ටියටත්,රෝන්දේ යන සෙට් එකටත් වගේම අනිත් ඕනම කෙනෙක්ට මගේ නාන බටේ පැත්තෙ කැරකුනොත් බලන්න දේවල් නම් ගොඩක් තියනව.කෙලින්ම ගොඩවෙලා යන්න මරු තැනක් තමයි මේක.හැබැයි පුතේ හොරෙන් බලාගෙන ඉදලනම් ඔන්න මාට්‍ටු වෙන්න එපා.වැයික්කියේ අයියල නම් හරිම සැරයි හොදේ...
කූල් වතුර පිළිකා කාරකයක්
මටත් මේක ලැබුණෙ මගේ යාලුවෙක්ගෙන්.ඉතින් ඔයාලටත් මේ කතාව වැදගත් කියල හිතුණ නිසා ඔන්න මං මගේ වැයික්කියෙන් මේක ප්‍රසිද්ධ කරන්න හිතුව.සමහරු මේ වෙනකොටත් ඉතින් මේ ගැන දන්නව ඇති.ඒත් මේ ලියන්නේ නොදන්න අයට දැනගන්නයි.
අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා කෑම කාලා ඉවර වුණාමයි,කන ගමනුයි හොදවයින් කූල් වතුර එකක් බොන්න.ඒත් ඒ පුරුද්ද ගොඩාක් අහිතකරයි කියල ඔයාලා දන්නවද?.
මේක වෛද්‍යවරු විසින් ලියපු ලිපියක් පදනම් කරගෙනයි ඔයාලට මං ඉදිරිපත් කරන්නේ.
කූල් වතුර අපි ගන්න ආහාරවල ඇති තෙල් සහිත කොටස් ඝන කරල,අපගේ ශරීරයේ ඇති ආහාර දිරවීමේ ක්‍රියාවලිය අඩ පණ කරනවා.එතකොට හැදෙන බටර් වගේ තෙල් කැටිති,ශරීරයේ තියන අම්ල සමග ක්‍රියා කිරීමෙන් වෙනත් සංයෝග හැදෙනවා.ඒ හැදෙන සංයෝග අපේ බඩවැල් මගින් ඉතා ඉක්මනින් උරා ගන්නවා.(අපි ගන්න අනිත් ඝන ආහාරවලට වඩා වැඩි වේගයකින්)
ඊට පස්සෙ මේ උරා ගන්නා සංයෝග ඉතා ඉක්මනින් ඝන මේදය බවට පත්වෙලා අපේ බඩවැල් අතර තැන්පත් වෙලා අවහිරතා ඇති කරනවා.
මේ වෙන ක්‍රියාවලිය පිළිකා කාරක හටගැනීමට උදවු වෙනවලු.ඒ නිසා කෑම වේලකට පසු වතුර බීමේදී උණු වතුර බීමට සැලකිලිමත් වෙන්න.මේ යහපත් පුරුද්ද ජපානයේ සහ චීනයේ ජනතාව අනුගමනය කරනවාලු.
ඉතින් කූල් වතුර බොන අය මේ ගැන දෙවතාවක් හිතුවොත් හොදයි නේද......
.....................................................................................
Subscribe to:
Posts (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1 ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්" යනුවෙන් හැඳි...
-
සේද මවතේ ගමන් කරන සෑම අයෙකුටම ලෝක ඉතිහසයෙන් සැඟව ගිය බොහෝ රහස් සොයා ගත හැක.මහා අසියානු සංස්කෘතිය බටහිර ලෝකයට සම්ප්‍රේශණය වුයේ මෙම මාර්ග...
-
ඔන්න ඉතින් මටත් නිකන් ඉන්න බැරි කමට බ්ලොග් එකක් හදාගන්න හිතුනා.ප්රබූගෙ වැයික්කිය පටන්ගත්තේ රස්සාව කරන ගමන් ලැබෙන පොඩි පොඩි විවේක වෙලාවල...
-
මගේ මේ ලිපිය හොඳට පැහැදිලිව කියවන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න http://www.dinamina.lk/epaper/art.asp?id=2012/10/10/pg26_0&p...
-
සුසන්තිකා , දමයන්ති දර්ශා , මේරියන් ජෝන්ස් , මයිකල් ජෝර්ඩ්න් මෙම නම් පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නම අසා තිබේ ...
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
Blog Archive
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/




