Saturday, November 10, 2012
ජීවිතය කියන්නේ අභියෝගයක්.හිතන්න ඒ අභියෝගය භාරගන්න ඔයාලා කොච්චර දුරට ලෑස්තිද කියලා.ඉතින් මං මේ කියන්නෙත් එහෙම ජීවිතේ අභියෝග නොසැලී භාරගත්, ඒවා ජයගත්ත මිනිස්සු කිහිප දෙනෙක් ගැනයි.මේ පුංචි කතා ටිකක් විතරයි.ඒත් මේ චරිතවලින් ගන්න තියන දේ නම් කිසිසේත්ම පුංචි නෑ.සාවදානව කියවල බලන්න.ඔබටත් කවදක හරි මේවගේ කෙනෙක් වෙන්න බැරිකමක් නම් නෑ.එහෙනම් ඒකට අවශ්‍යවන්නේ එකම දෙයයි.ඒ මොකක්ද කියල ඔයාලටම තෙරෙවි මේ පුංචි කතා ටික කියෙව්වම

1).ශාරුක් ඛාන් අවුරුදු ගාණක් ආපන ශාලවක වේටර් වරයකු ලෙස වැඩ කරපු කෙනෙක්.ඒ වගේම තමයි දමිළ සිනමාවේ සක්විති ලෙස හඳුන්වනු ලබන රැජිනි කාන්ත් අවුරුදු විසි පහේ දී බස් කොන්දොස්තර කෙනෙක්.
............................................................................................................
............................................................................................................
3).අවුරුදු 07 සම්පූර්ණ වෙදිදිත් වචනයක් වත් කියව ගන්න බැරි කොලුගැටයෙක් හිටියා.ඔහු හැමදාම පංතියේ අන්තිමයායි.කවුරුත් මේ ළමයාව ගණන් ගත්තේ නෑ.හැමෝම මොහු කොන් කළා.මව්පියෝ පවා හිතුවේ ඔහු මානසික රෝගියෙක් කියලයි.මේ කොලුගැටයා වෙන කවුරුත් නෙවෙයි පසු කාලෙක මුළු ලෝකයම දිනපු සුප්‍රසිද්ධ විද්වතා ඇල්බට් අයින්ස්ටයින්.............................................................................................................
4).අනාතයකු ලෙස ඉපදුණු කුඩා දරුවෙක් හිටියා.ඔහු ඔහුගේ ළමා කාලය ගත කළේ මහමඟයි.කඩපිල්වල හිඟන්නෙක් වගෙයි.තරුණ වියට පත් වෙද්දී මොහු රැකියාව විදියට මහා මාර්ගයේ යනෙන මිනිසුන් හිනැස්සවීම සිදු කළා.ඒ දවසකට පවුම් දෙකක් සොයා ගන්නයි.එහෙත් ඔහු මැරෙද්දි මුළු ලෝකයම ඔහු වෙනුවෙන් හැඬුවා.ඔහුගේ නම චාර්ලි චැප්ලීන්.
............................................................................................................

5).තරුණ වියේ දී එක තරුණයකු කැලිෆෝනියා සිනමා පාසලෙන් එලවා දමනු ලැබුවා.ඔහුගේ එකම සිහිනය වුණේ සිනමා උපාධියක් අරගන්නයි.එහෙත් මේ තරුණයා උත්සාහය නම් අත් හැරියේ නෑ.තමාට හීනයක් ව පැවැති, ඔහු ප්‍රාර්ථනා කරපු ඒ සිනමා උපාධිය 2002 වසරේ දී විශ්ව විද්‍යාලය විසින් නොමිලේම ඔහුට පිරිනැමුවා.මේ තරුණයා තමයි ස්ටීවන් ස්පිල්බර්ග් ලෝ ප්‍රකට සිනමාවේදියා.
Subscribe to:
Post Comments (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ...
-
ඔන්න මං මේ වතාවේ ඔයාලට දෙන්න යන්නේ ටිකක් වැදගත් දෙයක්.ඒ තමයි සාමාන්‍ය ජනතාව විදියට දැනගතයුතු නීතිමය කරුණු කිහිපයක් ගැන අද මං ඔයාලව දැනුවත් ...
-
ඔහු නමින් "ජෝස් මුජීකා"ය.[José Mujica] වෙනත් ලෙසකින් කිවහොත් ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයාය. නමුත් ඔහු ...
-
වසර 3කට පෙර , දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය...
-
අන්තර්ජාලය කියන දේ අපි හැමෝම මේ වෙනකොට භාවිත කරනවා. ඒකට වයස් භේදයක් නෑ. හැමෝටම අන්තර්ජාලය කියන දේ ගොඩක් උදව් වෙනව වගේම තමයි ඒ තුළින් අන්තර්...
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
Blog Archive
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/

_01.jpg)


2 comments:
අනිවාර්යෙන් උත්සහ කලොත් මේ ජීවිතේදී ගොඩක් දේවල් දිනන්න පුළුවන් .....
ඔව් කැපවීම සහ උනන්දුව මත හැමදේම තීරණය වෙනවා.
මමත් ජීවිතේ ජයගත්තේ එහෙමයි.මටත් පොඩි කාලෙදි ඉගෙනගන්න බෑ.කිසිම දෙයක් මතක හිටින්නෙ නෑ.ඉගෙන ගන්නවට වඩා සෙල්ලමට තමයි බර.පංතියෙත් හැමදාම 20-30 ගණන්.කවදාවත් ඊට ඉස්සරහට එන්න බැරි වුණා.මං කොළඹට ඇවිත් ඉසිපතනෙට ගියාම අනිත් අයත් එක්ක තරග කරන්න ඕන කියන හැගීම ආවා.ගොඩදෙනෙක් මාව කොං කළේ මට ඉගෙන ගන්න බැරි නිසයි.ඒත් උත්සහය මන් අත ඇරියෙ නෑ.අන්තිමේදි මන් ජය ගත්ත.අද මම දිනමිණ පුවත් පතේ රාත්‍රී කතෘ වරයා ලෙස ඉහලට යන්න පුලුවන් වුණේ මගේ උත්සාහය,උනන්දුව හා කැපවීම නිසයි.ඒ තුන පුද්ගලයකුට තියනව නම් ඔහුට ගොඩාක් දුර යන්න පුලුවන්.
මම ප්‍රබුද්ධි
Post a Comment
බොහොම ස්තූතියි.....