1968 දී අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැති පරිගණක සමුළු වේදී 192kbක අතිශය ප්‍රථමික ධාරිතාවක් ඇති මේන්-ෆ්‍රේම් පරිගණකයක් සැතපුම් 25ක් ඈත සිට ක්‍රියා කර නරඹන්නන් විශ්මයට පත් කළ මවුසයේ නිර්මාපකයා ඩග්ලස් එන්ගල්බාට් වන මොහුයි.
මවුසය ද ඇතුළුව පරිගණක ආශ්‍රිත නිර්මාණ 200කට පමණ පේටන් බලපත්‍ර මොහු සතුයි.ඒ සෑම නිර්මණයකම විශේෂත්වය යුසර් ෆ්‍රෙන්ඩ්ලි එනම් භාවිත කරන්නට ඉතා පහසුවෙන් හැසිරවිය හැකි වීම විශේෂත්වයකි.
මුල්ම මවුසය නිපදවීමට ඩග්ලස් එන්ගල්බාට් මෙන්ම ඔහුගේ අතිජාත මිත්‍රයකු වන බිලී ඉන්ග්ලිෂ් දායක විය.මෙයට මුලින්ම මවුසය යන නම තැබුවේ ද බිලී ඉල්ග්ලිෂ් විසින් විනෝදයට බව පැවසේ.
මෙම මුල්ම මවුසය මතුපිට සුමට, පහසුවෙන් ගෙනයා හැකි වන පරිදි ලෝහ රෝදයක් සවිකළ හතරැස් එකකි.ක්‍රියාත්මක කළ යුත්තේ දණ හිස් මත තබාගෙනය. නමුත් පරිගණක කර්සරය පහසුවෙන් හැසිරවීමට එමඟින් හැකි විය.පසුව 'මවුස්' යන නමට ගැලපෙන පරිදි හිස රහිත මීයකුගේ හැඩය ඊට ලැබිණි.එය රෝලර් බෝල් මවුසයයි.
වර්තමානයේ ලේසර් මවුසය,ගයිරස්කෝප් පවුසය ආදී නව නව විශේෂාoග සහිත ඒවා බිහි විය.
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
ඇය ලෝකයේ වියපත්ම තැනැත්තියයි. වයස අවුරුදු 113යි. ඇය වාමන ගැහැනියක් හෙවත් ඉතා කුඩා ශරීරයක් ඇති ගැහැනියක්. ඉන්දියාවේ භූපාල් ප්‍රදේශයේ ජ...
-
ඔහු නමින් "ජෝස් මුජීකා"ය.[José Mujica] වෙනත් ලෙසකින් කිවහොත් ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයාය. නමුත් ඔහු ...
-
ඔන්න ඉතින් මටත් නිකන් ඉන්න බැරි කමට බ්ලොග් එකක් හදාගන්න හිතුනා.ප්රබූගෙ වැයික්කිය පටන්ගත්තේ රස්සාව කරන ගමන් ලැබෙන පොඩි පොඩි විවේක වෙලාවල...
-
රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1 ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්" යනුවෙන් හැඳි...
-
මගේ මේ ලිපිය හොඳට පැහැදිලිව කියවන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න http://www.dinamina.lk/epaper/art.asp?id=2012/10/10/pg26_0&p...
0 comments:
Post a Comment
බොහොම ස්තූතියි.....