Monday, September 17, 2012


ඔන්න මං මේ වතාවේ ඔයාලට දෙන්න යන්නේ ටිකක් වැදගත් දෙයක්.ඒ තමයි සාමාන්‍ය ජනතාව විදියට දැනගතයුතු නීතිමය කරුණු කිහිපයක් ගැන අද මං ඔයාලව දැනුවත් කරන්නයි යන්නේ.එදිනෙදා ජීවිතයේ දී අපිට සමහර සිද්දීන් නිසා පොලිසියට යන්න වෙනවා.පොලිසියේ පිහිට පතන්න වෙනවා.ඉතින් පොලිසිය සමඟ ගනුදෙනු කරද්දී අපි නීතිය ගැන දැනගෙන ඉන්නවනම් ඒක අපිට ගොඩක් ප්‍රයොජනවත්.අපිට වෙන ඇතැම් අසධාරණකම්වලින් මිදෙන්නත් ඒක ගොඩක් ඉවහල් වේවි කියලයි මගේනම් හැඟීම.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට ලබාදී තිබෙන අයිතිවාසිකම් සහ නෛතික කරුණු කිහිපයක් ගැන මං ඔයාලව අද දැනුවත් කරනව.







1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියකුට ඔබව නැවැත්වීමට තහනම්.
එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට පුලුවන්.

2. තනි පොලිස් නිලධාරියකුට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට තහනම්.

3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියකුට (Traffic Police)" පමණයි.

4. තනි Traffic පොලිස් නිලධාරියකුට ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකියි. ඔහුට අනිවාර්යයෙන්ම සාක්ෂිකරුවකු අවශ්‍යයි..ඒ පොලිස් නිලධාරියකුම විය යුතුයි..
(ඒ නිසා තමයි,හැම වෙලේම පාරේ traffic පොලිස් නිලධාරීන් දෙන්නෙක් එකට ඉන්නේ)

5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුණ බළකායකි. ආයුධ සම්පන්න බළකායක් නොවේ.ඔවුන්ට බැටන් පොල්ලක් හැර වෙනත් ආයුදයක් ළඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත.
(නමුත්, පැවතුන යුධමය තත්ත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.)

එමනිසා, පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කළහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.

6. පොලිස් නිලධාරියකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කළහොත්, බැලූන් පරීක්ෂාව(Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේ දී ඔවුන් සතුව එය නොමැති නම්, ඔබට යාමට අවසර ඇත..

7. මහ මඟ ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස් නිලධාරියකුට පමණයි..
(ඒ නිසා තමයි හමුදා check pointවල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )

8. පොලිස් නිලධාරියකුට ලිඛිත උසාවි නියෝගයක් නැතිව ඔබේ නිවෙසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් ඇතුලු වීමට අවසර ඉල්ලා සිටියහොත් ප්‍රතික්ෂේප කිරීමට ඔබගේ කැමැත්ත අනුව ඔබට හැක.

9. ඔබ සිදුකළ වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහයට අදාළ නීති උල්ලංගනය කිරීමත් පිළිබඳව කියන තුරු traffic පොලිස් නිලධාරියකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය..
එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත..

10. Traffic පොලිස් නිලධාරියකු ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, යන්න එපා.....
කෙලින්ම පොලිස් අධිකාරියට හෝ ප්‍රාදේශීය පොලිස්පතිට පැමිණිලි කරන්න..
ඔබට,අදාළ නිලධාරියාව, ඔහුගේ දුරාචාරය හා නොහික්මුණු හැසිරීම නිසා සේවයෙන් පහ කරවීමට පුලුවන්..

11. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියකු ඔබේ නම,ලිපිනය,හැඳුනුම් පත,දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඔබට ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත(ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්).
ඔහුට ඔබව අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත..


12. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියකු ඔබව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට ඔවුන්ගේ ක්‍රියාව ප්‍රතික්ශේප කිරීමට අයිතිය ඇත.


3 comments:

අවතාර් said...

වැදගත් දෙයක් සහෝ

Unknown said...

ස්තූතියි.දෙවෙනි කොටසත් ඉක්මනටම දෙනවා..

Unknown said...

තෑන්ක්ස්

සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget