Tuesday, November 6, 2012
ඔහු නමින් "ජෝස් මුජීකා"ය.[José Mujica] වෙනත් ලෙසකින් කිවහොත් ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයාය.
නමුත් ඔහු ලොව පුරා ගෞරවයට ලක්ව සිටින්නේ මේ කිසි අයුරකින් නොව ලොව "දුප්පත්ම" නැතහොත් ලොව "වඩාත් ත්‍යාගශීලී" ජනාධිපතිවරයා ලෙසිනි. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු සිය මාසික වැටුපෙන් 90%ක්ම ජනතාවගේ සුභසාධන කටයුතු සඳහා යොදවන බැවිනි.

ඔහු හට විශාල වත්කමක් නැත. ඔහු හට ඇති විශාලතම වත්කම නම් ඔහු හට හිමි දශක ගණනක් පැරණි Volkswagen Beetle මාදිලියේ කාරයකි. ඔහු තවමත් ජීවත්වන්නේ ඔවුනට අයත් ගොවිපලකය. එයද ඇත්තේ ඔහුගේ බිරිඳගේ නමටය.

77ත් හැවිරිදි ඔහුගෙන් වරක් මාධ්‍ය මේ පිළිබඳ විමසූ විටෙක ඔහු පවසා ඇත්තේ "මම ඒ මුදල ගැන සෑහීමට පත්වෙමි, මන්දයත් මාගේ උරුගුවේ රාජ්‍යයෙහි ඊටත් වඩා අඩු මුදලින් ජීවත්වන මිනිසුන් සිටිනා බව මා දන්නා හෙයිනි" යැයි පවසමිනි.

යාහූ පුවත් සේවයට අනුව ඔහු හට බැංකු ගිණුම් කිසිවක් නොමැති අතර ඔහු තම සරල ජීවිතය සිය සුනඛ සුරතලා "මැනුඑලා" හා සිය බිරිඳ සමඟ සතුටින් ගතකරයි. ජනාධිපති ධූර කාලය නිමවීමේන් පසුව මීටත් වඩා සරල ජීවිතයක් තම ආදරණීයයන් සමඟ තම ගොවිපලට වී ගත කිරීමට ඔහු අදහස් කරන බව වැඩිදුරත් පවසා ඇත......

උරුගුවේ ජනපතිවරයා මෙලෙස තම ධනය මහජනයා වෙනුවෙන් කැපකළ ප්‍රථම ජනපතිවරයා නොවන අතර මීට අමතරව ජෝන් එෆ්. කෙනඩි වැනි අමෙරිකානු ජනපතිවරුන් ද තම ධනය මහජනයා වෙනුවෙන් කැපකර ඇත. විශ්ලේෂකයන්ට අනුව මෙසේ වීමට හේතූන් වී ඇත්තේ ඔවුන් හට උපතින්ම පිහිටි ත්‍යාගශිලී මහත්මාගුණයන් හා උපතින්ම රටේ වංශවත් පවුල්වලින් පැවත ඒම හේතුවෙන් ඔවුනට රටේ මහජනයාගේ මුදල් නිර්ලජ්ජිත ලෙස සොරාගැනීමට අවශ්‍ය නොවූ බැවිනි......
Subscribe to:
Post Comments (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ...
-
මේ තියෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක්.ඔයාලම කියවල බලන්නකෝ අපි ළමයින්ට දෙන්නේ නොදැනුවත්වම වස නේද.මේක කියවල ළමයින්ට ඇස්ට්‍රා දෙ...
-
වසර 3කට පෙර , දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය...
-
ඇය ලෝකයේ වියපත්ම තැනැත්තියයි. වයස අවුරුදු 113යි. ඇය වාමන ගැහැනියක් හෙවත් ඉතා කුඩා ශරීරයක් ඇති ගැහැනියක්. ඉන්දියාවේ භූපාල් ප්‍රදේශයේ ජ...
-
සුසන්තිකා , දමයන්ති දර්ශා , මේරියන් ජෝන්ස් , මයිකල් ජෝර්ඩ්න් මෙම නම් පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නම අසා තිබේ ...
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
Blog Archive
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/
3 comments:
අන්න කතාව නම් කතාව. කම්මලේ බල්ලට හෙණ ගැහුවට ගාණක් නෑ’ කියන්නා සේ ශ්‍රී ලංකාවේ වැසියන්ටත් දැන් රටේ තත්වය පිළිබදව එතරම් ගාණක් නැත. මක් නිසාද කියනවා නම් පසුගිය වසර කිහිපයම ඔවුන් ජීවිත් වී ඇති සමාජය වනාහි අකටයුත්කම් වලින් පිරීගිය සහ තමන්ගේ මඩිය පමණක් තරකරගැනීමේ යෙදුන පාලකයන්ගෙන් පිරී ගිය එකක් වීමය. පසුගිය සතියේ කොළඹ සහ තදාසන්න නගරවල අලවා තිබුණු පෝස්ටරයකින් මේ කාලයේ අප සැම අතින්ම මුහුණ පා සිටින තත්වය හොදින් තේරැම් කරන බව මගේ හැගීමයි. නමුත් වෙනත් පාලකයින් හා සසදන විට දැන් සිටින මහරජා අනෙක් රටවල් හා සසදීමේදි ලංකාවේ උන්නතිය වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් කල බව මගේ හැගීමයි. කෙසේ වුවත් අනුන්ගේ රත්තරන් මං අරන් මක්කරං කියනව වගේ මේ පොදු ජනතාව බදු වශයෙන් ගෙවන මුදල් ඒ අයගේම සෙත වෙනුවෙන් ගෙවන රටක ජනාධිපතිවරයෙක් යටතේ ජීවත්වෙන්න ඇත්නම් ඒ පාලිතයන් ඇත්තෙන්ම වාසනාවන්තයි.
Why we too have such a generous president who does not spend a red cent out of public money.
රතී ,ඔබගේ අදහස් මගේ වැයික්කියට නව ජීවයක් ලබා දෙන බවයි මගේ හැගීම.ඔබට බොහොම ස්තූතියි.
Post a Comment
බොහොම ස්තූතියි.....