Monday, November 19, 2012


  

රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1


ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්‌" යනුවෙන් හැඳින්වේ.

වසර හතරකට වරක්‌ පවත්වන මෙම තරගාවලිය ක්‍රීඩා සහ වෙනත් ක්‍ෂේත්‍රවලින් පැවැත්වේ.

ක්‍රීඩා ක්‍ෂේත්‍රයෙන් පවත්වන ඔලිම්පික්‌ තරගයට කාගේත් වැඩි අවධානය යොමුවී ඇති බව කවුරුත් දන්නා දෙයකි.

1948 ලන්ඩන් ඔලිම්පික්‌ උළෙලේදී ඩන්කන් වයිට්‌ විසින් කඩුලුමතින් (400 මී) දිවීමේ තරගයකින් රිදී පදක්‌කමක්‌ ඔලිම්පික්‌ තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනාගත් අතර පසු කාලයකදී සුසන්තිකා ජයසිංහ 2000 සිඩ්නි ඔලිම්පික්‌ උළෙලේදී ධාවන තරගයකින් (200 මී) රිදී පදක්‌කමක්‌ දිනාගත්තාය.

ඒ කාලයේ එය මහත් ඉහළින් රටේ නායකයාගේ සිට කවුරුත් පිළිගැනීමක්‌ කළේය.

ඔලිම්පික්‌ තරගයකදී රන් පදක්‌කමක්‌ සිහිනයක්‌ වී තිබෙන මේ යුගයේ ඔලිම්පික්‌ තරගයකදී ශ්‍රී ලංකාව පළමු ස්‌ථානය දිනාගත්තේ යෑයි කීවොත් කවුරුත් පිළිනොගන්නා දෙයකි. එහෙත් එය සැබෑවකි.

ඔලිම්පික්‌ තරගාවලියට සමගාමීව පවත්වන තවත් තරගයක්‌ වූයේ සූපවේදී ඔලිම්පික්‌ තරගයයි.


ජර්මනියේ අර්පත් නුවර පැවැති මෙම ඔලිම්පික්‌ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දාහතර දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ඉදිරිපත් විය.

ලෝකයේ ප්‍රබල රටවල් පනස්‌ හයක්‌ ඉදිරිපත් වූ මෙම තරගාවලියට ඉදිරිපත් කරන ලද නිර්මාණ සංඛ්‍යාවද තුන්දහසකට වැඩිවිය.



රසකැවිලි, කේක්‌, වෙඩිං කේක්‌ ආකෘති චොකලට්‌ නිර්මාණ, එළවළු සැරසිලි නිර්මාණ, සීනි නිර්මාණ මේ සඳහා ඉදිරිපත් කරන ලද නිර්මාණ වේ.


දිමුතු කුමාරසිංහ
එයිට්‌කන් ස්‌පෙන්ස්‌ සමාගම නියෝජනය කරමින් හෙරිටන්ස්‌ අහුන්ගල්ල හෝටලයේ නිපුණතා සංවර්ධන සූපවේදී දිමුතු කුමාරසිංහ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ විවිධ හෝටල් වලින් තෝරාගන්නා ලද දාහතර දෙනෙකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ ඉදිරිපත්වූ අතර රන් පදක්‌කම් පහළොවක්‌ද රිදී පදක්‌කම් දාහතරක්‌ද ලෝකඩ පදක්‌කමක්‌ද දිනාගනිමින් ලෝකයේ පළමු ස්‌ථානය පළමු වරට ශ්‍රී ලංකාව දිනාගත්තේය.

මෙම තරගයේදී ජර්මනියට දෙවන ස්‌ථානයත්, ඉතාලියට තෙවන ස්‌ථානයක්‌ හිමිවිය.

ශ්‍රී ලංකා සූපවේදී සංගමයේ ජෙරාඩ් මෙන්ඩිස්‌ සහ මාධව වීරවර්ධන යන මහත්වරු කළමනාකරු වශයෙන් සහභාගි වූහ.

හෙරිටන්ස්‌ අහුන්ගල්ල සූපවේදී දිමුතු කුමාරසිංහ සහ ජෙට්‌වින් ආයතනයේ සූපවේදී ශ්‍රීමාල් කුලතුංග යන දෙදෙනා රන් සම්මාන හයක්‌ සමඟ සමරු තිළිණයක්‌ ලබා ගනිමින් ලෝකයේ හොඳම පේස්‌ටි්‍ර කණ්‌ඩායමට හිමි සම්මානය දිනාගත්හ.

මෙයට අමතරව දිමුතු කුමාරසිංහ ප්‍රමුඛ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මංජුල වික්‍රම, හෙරිටන්ස්‌ අහුන්ගල්ල හෝටලයේ කසුන්, ප්‍රේමචන්ද්‍ර, හිල්ටන් හෝටලයේ චමත පෙරේරා, නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සංජීව ප්‍රේමතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත කණ්‌ඩායම රිදී සම්මාන පහක්‌ දිනාගත්හ.

තනි තරග කරුවන් ලෙස ඉදිරිපත් වූ ඉන්ටර් කොන්ටිනල් හෝටලයේ තිලක්‌ සේනාරත්න, රන් පදක්‌කම් දෙකක්‌ද යුනිලීවර් ආයතනයේ නලීන් නාරම්පනාව රිදී පදක්‌කමක්‌ද බත්තරමුල්ල වෝටර්ස්‌ ඒඡ් හෝටලයේ අතුල කොඩිකාර රන් පදක්‌කම් දෙකක්‌ද සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ එන්. පී. ඩබ්ලිව්. ඡේ. වීරමන් රන් පදක්‌කම් දෙකක්‌ද, බේරුවල අංඩින් හෝටලයේ ප්‍රගීත් කුමාර ද සිල්වා රන් පදක්‌කමක්‌ සහ රිදී පදක්‌කමක්‌ද පෙරේරා සහ රිදී පදක්‌කමක්‌ද පෙරේරා සහ සමාගමේ ඇම්. ඇම්. ලක්‍ෂ්මන් විශිෂ්ට රන් සම්මානයක්‌ද, සිනමන් ලොඡ් හෝටලයේ නිමල් රාජපක්‍ෂ රිදී පදක්‌කමක්‌ ද දිනා ගනිමින් ඉහළම දස්‌කම් පෑහ.

සූපවේදී දිමුතු කුමාරසිංහ මහතා පුහුණුකරුවකු ලෙස කටයුතු කරන කැනඩාවේ ගෝල්ඩන් හෝ ෂූ කණ්‌ඩායම නියෝජනය කළ හෙරිටන්ස්‌ අහුන්ගල්ල හෝටලයේ සූපවේදීන් වන රුක්‍ෂාන් සමිලාන, අනුරුද්ධ බණ්‌ඩාර, ප්‍රදීප් ෙµdන්සේකා සහ ඩී. ඡේ. මංජුල යන හතර දෙනා රන් සම්මානයක්‌ සහ රිදී සම්මාන හතරක්‌ දිනා ගනිමින් ශ්‍රී ලංකාවට මහත් කීර්තියක්‌ අත්කර දුන්හ.

මෙවර කණ්‌ඩායමේ නායකත්වය දැරූ සූපවේදී දිමුතු කුමාරසිංහ මහතා මෙසේ කීය.

2004 වසරේදී මම තනිවම ඉදිරිපත් වෙලා රන් පදක්‌කම් පහක්‌ දිනා ගත්තා. කණ්‌ඩායමක්‌ වශයෙන් ඉදිරිපත් වුණොත් පළමු ස්‌ථානය දිනාගත හැකි බව දැනගත් නිසා සූපවේදී සංගමය සමග දින එකතු වී දක්‌ෂයන් පිරිසකට සමග ගිය නිසා ශ්‍රී ලංකාවට පළමු ස්‌ථානය ගෙන ඒමට හැකි වුණා.


ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයට මහත් පිටිවහලක්‌ වන මෙයින් අපේ රට ප්‍රයෝජනයක්‌ නොගැනීම ගැන කනගාටුවෙනවා.

වෙනත් ඔලිම්පික්‌ තරගවලට යන ක්‍රීඩකයන්ට කිසිම පදක්‌කමක්‌ දිනාගැනීමට නොහැකි වුණත් රට වෙනුවෙන් ඉදිරිපත් වූ බව කියමින් ඉහළ පිළිගැනීමත් කරනවා. නමුත් රන් පදක්‌කම් ඇතුළු සම්මාන රාශියක්‌ සමගින් පැමිණි අප කණ්‌ඩායම් දිරිමත් කිරීමට රජයෙන් කිසිවකු ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණක්‌.

රටේ ජනාධිපතිවරයාට බැරිවූවත් සංචාරක ක්‍ෂේත්‍රය නියෝජනය කරන මැති ඇමැතිවරුත් මෙය අගය නොකිරීම විමතියට කරුණක්‌.

අපට කොතරම් සැලකිsලි නොතිබුණත් 2016 වසරේ පැවැත්වෙන මෙම තරගාවලියට මීට වඩා තුන් ගුණයකින් යුත් කණ්‌ඩායම් ඉදිරිපත් කරන බවද කීය.

ඔබ මේ රටේ වටිනාම සම්පතකි. ඔබට අපේ සුභ පැතුම් සමඟ උත්තමාචාරය..

5 comments:

Anonymous said...

I'm really loving the theme/design of your site. Do you ever run into any internet browser compatibility problems? A number of my blog audience have complained about my site not working correctly in Explorer but looks great in Opera. Do you have any ideas to help fix this problem?

Feel free to visit my website ... cheap social bookmark

Technopitara said...

Thanks Nice Info Keep Writing Waiting for Next article Also Check Sites to Send Free SMS without Registration
free facebook account hacking

Unknown said...

Keep coming working info. Your article quality is amazing and creative. facebook messenger recovery tool

Roshan said...

Thanks sharing this story with us. Checkout Hack Xfinity WiFi Hotspot and Hack Facebook Account Online.

Kishor Bagde said...

Nice article, keep it up! Checkout GB WhatsApp Apk, Indian Disposable Number, PS3 Emulator Apk, and Top PPD Sites 2019.

සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget