Monday, September 17, 2012


ඔන්න මං මේ වතාවේ ඔයාලට දෙන්න යන්නේ ටිකක් වැදගත් දෙයක්.ඒ තමයි සාමාන්‍ය ජනතාව විදියට දැනගතයුතු නීතිමය කරුණු කිහිපයක් ගැන අද මං ඔයාලව දැනුවත් කරන්නයි යන්නේ.එදිනෙදා ජීවිතයේ දී අපිට සමහර සිද්දීන් නිසා පොලිසියට යන්න වෙනවා.පොලිසියේ පිහිට පතන්න වෙනවා.ඉතින් පොලිසිය සමඟ ගනුදෙනු කරද්දී අපි නීතිය ගැන දැනගෙන ඉන්නවනම් ඒක අපිට ගොඩක් ප්‍රයොජනවත්.අපිට වෙන ඇතැම් අසධාරණකම්වලින් මිදෙන්නත් ඒක ගොඩක් ඉවහල් වේවි කියලයි මගේනම් හැඟීම.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට ලබාදී තිබෙන අයිතිවාසිකම් සහ නෛතික කරුණු කිහිපයක් ගැන මං ඔයාලව අද දැනුවත් කරනව.


Monday, September 10, 2012



ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ මුතුන් මිත්තන් ද වර්තමාන පරපුරට නොදෙවැනි ප්‍රතිභාපූර්ණ කලාත්මක හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවන් බව හැඟවීමට සමත් සංකීර්ණ පච්ච රටාවක් රැගත් සයිබිරියානු කුමාරිකාවකගේ සංරක්ෂිත මෘත දේහය රුසියාවේ ශීත හිම අතර සැඟවී තිබියදී මතු වුණේ ඒ වැළලී ගිය දක්ෂතා ලොවට එළිදරව් කිරීමේ අභිප්‍රායෙනි.
රුසියාවේ “අල්ටායි” උස් කඳු මත  සැඟවී තිබියදී විද්‍යාඥ “නටාලියා ‍පොලොස්මැක්” විසින් සොයාගනු ලැබූ “යුකෝක්” කුමාරිකාවගේ මමියේ කොටා තිබූ පච්ච රටාවන් වසර දෙදහස් පන්සියයක් දුර අතීතයක සිට අද දක්වා කිසිදු වෙනස්වීමකින් තොරව තිබූ අයුරු දුටු කාටත් පුදුම නොවී සිටිය නොහැකිවී තිබේ. 

ක්‍රි.පූ. පස්වන සියවසේ විසූ ග්‍රීක ඉතිහාසයඥයකු වන හෙරඩෝටස් විසින් විස්තර කරන ලද ආකාරයට පුරාණ සංචාරක “පැසිරික් ගෝත්‍රිකයන්ගේ සිරුරුවල ඇඳ තිබූ මිථ්‍යා කතාවල එන සත්ව රූප ආදියෙන් අලංකෘත වූ විවිධ පච්චා රටාවන්ගෙන් එකී ගෝත්‍රිකයාගේ වයසත්, සමාජ තරාතිරමත් හෙළි කරන බැව් විශ්වාස කෙරේ. එදා මෙන්ම අදටද පච්ච කෙටීමේ අරමුණු වෙනස් වී නොමැත්තේ “ පැසිරික්වරු” මෙන්ම විසිඑක්වන සියවසේ නූතන මානවයාද පච්චා කොටනුයේ තම දේහ අලංකරණය උදෙසා වන බැවිනි. මේ පිළිබඳව අදහස් දක්වන ආචාර්ය ‍පොලොස්මැක් පවසනුයේ එදා මෙන්ම අදටද මිනිසකුගේ ශරීරයේ කොටා ඇති පච්ච සංඛ්‍යාවෙන් ඔහුගේ වයස නිර්ණය කර ගැනීම පහසු බවය. වයසින් වැඩිවත්ම තම සිරුරේ ඇති පච්ච එකතුවට තව තවත් අලුතින් පච්ච එකතු කර ගැනීමට ඇලුම් කරන්නන් ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන් ප්‍රකටය. 

Monday, September 3, 2012


බැලූ බැල්මටම ඔයාලට මේක පෙන්නේ හොඳ චිත්‍ර ශිල්පියෙක්ගේ වැඩක් කියල නේද?.එක විදියකින් බැලුවම ඒක හරි.ඒත් බලන්නකො මේක ඇත්තටම මොකක්ද කියලා.මේවගේ වැඩ කාරයොත් ඉතින් ලෝකෙ ඉන්නවනේ.හැම තැනම නෑ මේ වගේ වැඩ කෑලි බලන්න පුළුවන් එකම තැන තමයි ඉතිං ප්‍රබූගේ වැයික්කිය හොදේ...



Thursday, August 23, 2012

ඔයාලාට පහතින් දැක්වෙන චක්‍රය භාවිතයෙන් ඔබගේ ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන්.මේ ගැන තොරතුරක් මට මගේ යාළුවෙකුගෙන් ලැබුණා.ඉතින් ගොඩාක් මහන්සි වෙලා හොයල හොයලා..... අන්තිමට ඒ වගුව හොයාගන්න මට පුළුවන් වුණා.ඉතිං මේක මං ඔයාලටත් දෙන්න තීරණය කළා.

ඔන්න ඉතින් මගේ දෙවෙනි වැඩේ තමයි මේක.කොකා කෝලා ලිපියට නම් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා.කොහොම උණත් ලිපියක් විදියට මේක සාර්ථකද කියලා ඔයාලම කියවල බලන්නකෝ.හොඳ නරක ගැනත් කියන්න අමතක කරන්න එපා.ඔයාලගේ අදහස් මාව ගොඩාක් දිරිමත් කරනවා.හොඳ වගේම නරකත් කියන්න.මට හදාගන්න.ඒක ඊළඟ ලිපිය ලියනකොට මට ශක්තියක් වේවි.  

Sunday, August 19, 2012

    මේ පුංචි කතාවෙන් අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා.ඔයාලම කියවල බලන්නකෝ මේ කතාව කොයිතරම් අත්තද කියලා.

Thursday, August 9, 2012

සුසන්තිකා, දමයන්ති දර්ශා, මේරියන් ජෝන්ස්, මයිකල් ජෝර්ඩ්න් මෙම නම් පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නම අසා තිබේ ද? 1964 ඔලිම්පික් උළලේ පිරිමි මීටර 10,000 දිවීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයා R. කරුණානන්ද විය.

Tuesday, August 7, 2012

    පොඩි කාලයක් නිහඩව ඉදලා ඔන්න ඉතින් මං ආයෙමත් පොඩි වැඩක් කළා.දිනමිණ කප්රුක පි‍ටුවෙන් තමයි ඔන්න ඉතින් මං අයෙමත් ඔයාලා අතරට ආවේ.මේක ඩිසයින් කළෙත් මංම තමයි.පි‍ටුව හදන්න මහන්සි වුණු දමින්ත කෞශල් අයියටයි,එච්.කේ.පීරිස් අයියටයි විශේෂයෙන් ස්තූති කරන්නත් ඕනි.

Wednesday, August 1, 2012

මේ තියෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක්.ඔයාලම කියවල බලන්නකෝ අපි ළමයින්ට දෙන්නේ නොදැනුවත්වම වස නේද.මේක කියවල ළමයින්ට ඇස්ට්‍රා දෙනකොට දෙපාරක් හිතල බලන්න.

තම මව 'ප්‍රී එක්ලන්මිසියා' තත්ත්වයෙන් පීඩා විදීම නිසා ඒන්ජල්ට අනික් දරුවන්ට මෙන් මාස දහයක් මවු කුස තුළ වැඩෙන්නට හැකි වුණේ නෑ.රූබිට මාස තුනහමාරක් වැනි ඉතා කෙටි කාලයකින් මෙලොව එළිය දකින්න සිදු වුණා.ඒ 2006 පෙබරවාරි 03වැනි දිනයි.


සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget