ඔන්න මං මේ වතාවේ ඔයාලට දෙන්න යන්නේ ටිකක් වැදගත් දෙයක්.ඒ තමයි සාමාන්‍ය ජනතාව විදියට දැනගතයුතු නීතිමය කරුණු කිහිපයක් ගැන අද මං ඔයාලව දැනුවත් කරන්නයි යන්නේ.එදිනෙදා ජීවිතයේ දී අපිට සමහර සිද්දීන් නිසා පොලිසියට යන්න වෙනවා.පොලිසියේ පිහිට පතන්න වෙනවා.ඉතින් පොලිසිය සමඟ ගනුදෙනු කරද්දී අපි නීතිය ගැන දැනගෙන ඉන්නවනම් ඒක අපිට ගොඩක් ප්‍රයොජනවත්.අපිට වෙන ඇතැම් අසධාරණකම්වලින් මිදෙන්නත් ඒක ගොඩක් ඉවහල් වේවි කියලයි මගේනම් හැඟීම.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට ලබාදී තිබෙන අයිතිවාසිකම් සහ නෛතික කරුණු කිහිපයක් ගැන මං ඔයාලව අද දැනුවත් කරනව.
ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ මුතුන් මිත්තන් ද වර්තමාන පරපුරට නොදෙවැනි ප්‍රතිභාපූර්ණ කලාත්මක හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවන් බව හැඟවීමට සමත් සංකීර්ණ පච්ච රටාවක් රැගත් සයිබිරියානු කුමාරිකාවකගේ සංරක්ෂිත මෘත දේහය රුසියාවේ ශීත හිම අතර සැඟවී තිබියදී මතු වුණේ ඒ වැළලී ගිය දක්ෂතා ලොවට එළිදරව් කිරීමේ අභිප්‍රායෙනි.
රුසියාවේ “අල්ටායි” උස් කඳු මත සැඟවී තිබියදී විද්‍යාඥ “නටාලියා පොලොස්මැක්” විසින් සොයාගනු ලැබූ “යුකෝක්” කුමාරිකාවගේ මමියේ කොටා තිබූ පච්ච රටාවන් වසර දෙදහස් පන්සියයක් දුර අතීතයක සිට අද දක්වා කිසිදු වෙනස්වීමකින් තොරව තිබූ අයුරු දුටු කාටත් පුදුම නොවී සිටිය නොහැකිවී තිබේ.
ක්‍රි.පූ. පස්වන සියවසේ විසූ ග්‍රීක ඉතිහාසයඥයකු වන හෙරඩෝටස් විසින් විස්තර කරන ලද ආකාරයට පුරාණ සංචාරක “පැසිරික් ගෝත්‍රිකයන්ගේ සිරුරුවල ඇඳ තිබූ මිථ්‍යා කතාවල එන සත්ව රූප ආදියෙන් අලංකෘත වූ විවිධ පච්චා රටාවන්ගෙන් එකී ගෝත්‍රිකයාගේ වයසත්, සමාජ තරාතිරමත් හෙළි කරන බැව් විශ්වාස කෙරේ. එදා මෙන්ම අදටද පච්ච කෙටීමේ අරමුණු වෙනස් වී නොමැත්තේ “ පැසිරික්වරු” මෙන්ම විසිඑක්වන සියවසේ නූතන මානවයාද පච්චා කොටනුයේ තම දේහ අලංකරණය උදෙසා වන බැවිනි. මේ පිළිබඳව අදහස් දක්වන ආචාර්ය පොලොස්මැක් පවසනුයේ එදා මෙන්ම අදටද මිනිසකුගේ ශරීරයේ කොටා ඇති පච්ච සංඛ්‍යාවෙන් ඔහුගේ වයස නිර්ණය කර ගැනීම පහසු බවය. වයසින් වැඩිවත්ම තම සිරුරේ ඇති පච්ච එකතුවට තව තවත් අලුතින් පච්ච එකතු කර ගැනීමට ඇලුම් කරන්නන් ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන් ප්‍රකටය.











