Thursday, August 9, 2012

සුසන්තිකා, දමයන්ති දර්ශා, මේරියන් ජෝන්ස්, මයිකල් ජෝර්ඩ්න් මෙම නම් පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නම අසා තිබේ ද? 1964 ඔලිම්පික් උළලේ පිරිමි මීටර 10,000 දිවීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයා R. කරුණානන්ද විය.

තරඟය ආරම්භ විය. වටයෙන් වටය ඉදිරියට ඇදෙන තරඟකරුවන් අතර Billy Mills නම් ඇමරිකානු ක්‍රීඩකයා ප්‍රථම ස්ථානය හිමි කරගන්න

ලදි. ප්‍රථම දෙවන තෙවන ස්ථාන පිළිවෙලින් තීරණය වෙද්දී අනෙකුත් ක්‍රීඩකයින් එකිනෙකා තරඟයෙන් ඉවත් වන්නට විය. කරුණානන්දට වඩා වට 4ක් ඉදිරියෙන් Billy Mills තරඟය නිම කර අවසානය. ඒත් කරුණානන්දට තරඟය තවම අවසන් නැත. අන් සියලුම ක්‍රීඩකයින් ධාවන පථයෙන් ඉවත්ව ඇත. නමුත් ඔහු තවමත් දිවයයි. ඔහු තනිව දිවයන ප්‍රථම වටය පුරාවටම ප්‍රේක්‍ෂකයින් උසුළු විසුලු හඬින් කෑ ගසන්නට විය. ඒත් කරුණානන්ද නොනැවතී තරඟයේ යෙදෙයි. දැන් ප්‍රේක්‍ෂකයින් සියල්ලෝම මේ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මීයට පිම්ඹාක් මෙන් නිහඬය. තවත් වට දෙකක් ඉතිරිව ඇත. ප්‍රේක්‍ෂකාගාරයෙන් අන් කිසිම තරඟකරුවෙකුට පල නොකෙරූ අයුරේ අත් පොළොසන් හඬත්, ප්‍රීතිඝෝෂා හඬත් ආරම්භ විය. තනිව දිවයන කරුණානන්දගේ අපිරිමිත ධෛර්‍යය සියල්ලෝම විශ්මයට පත්කර අවසානය. පුරා වට දෙකක් ඒකාකාරිව ඔහු වෙනුවෙන් සියල්ලෝම අත්පොළොසන් දෙමින් තම සුබපැතුම් එකතු කළෝය. මුලූ‍ ක‍්‍රීඩංගනයම එකම හඩකින් ගිගුම් දුන්නේය. ඒ "කමෝන් සිලෝන්... කමෝන් සිලෝන්..." ලෙසය. තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කල ඔහු වෙනුවෙන් නරඹන්නන්ගේ දෙනෙත් කදුළින් තෙත් විය.

තරඟය අවසානයේ Billy Mills සමඟ කරන ලද සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ "ප්‍රථම ස්ථානය හිමි විය යුත්තේ මට නොව, කරුණානන්දට" ලෙසටයි. දින කිහිපයක් පුරාවටම කරුණානන්ද වෙනුවෙන් ජපන් වැසියෝ තෑගි බෝග පිළිගන්වමින් ඔහුට තම උත්තමාචාරය පුද කර ඇති අතර රූපවාහිනියේ එම තරඟය නැරඹූ ජපන් කාන්තාවක් පවසා ඇත්තේ තරඟයේ අවසන් වට 2 ඇය නැරඹුවේ කඳුලු පිරි දෙනෙතින් බවයි. මිනිස් අධිෂ්‍ඨානයේ මහිමය පිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම සදහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙල පොත් වලට ඇතුළත් විය. ඔහු ගැන අදටත් ජපානයේ දරුවන් පෙළපොතින් උගනිති.

සියල්ල අවසානයේ තම රටට පැමිණි කරුණානන්ද මහතා හට ජපන් ආයතනයක් මඟින් රැකියාවක් සඳහා ඇරයුම් ලැබුණි. නමුත් ඔහු ඒ සඳහා රටින් පිටව යාමට දින කිහිපයකට පෙර මෙලොව හැරදමා ගොස් තිබුණි. යමෙකු ඔහු හදිසි අනතුරකින් මියගිය බව පවසති. තවත් අයෙකු ඔහු ඝාතනය කල බව කියති.

කෙසේවුවත් රට වෙනුවෙන් තම උපරිමය ඉටු කළ මෙම අභිමානවත් ක්‍රීඩකයා අද ශ්‍රී ලාංකීය ජනමාධ්‍යය විසින් අමතක කර ඇත. මෙම තරඟය වෙනුවෙන් කරුණානන්ද මහතා දැරූ වීර්‍ය වෙනුවෙන් ඔහු සැබෑ වීරයකු ලෙස සැමගේ ගෞරවාදරයට පත් විය යුතු නොවේද?

 

ඔබ බොහෝ දෙනකු කරුණානන්ද මහතා සහභාගී වූ  තරඟය මින් පෙර නරඹා නොමැති විය හැකියි. පහත වීඩියෝවේ දක්වා ඇත්තේ එම තරඟයයි. 

              http://www.youtube.com/watch?v=eEWDdfTP2qI

6 comments:

ධමිමික ස‍‍දරුවන් said...

ඇත්තටම මොවුන තමයි වීරයෝ.දිගින් දිගටම සල්ලි මත රැදිච්චි බලය නිසා තමන් වීරයා යැයි පවසන අය ඕනෑ තරම් ඉන්නවා.මොහු තමා සැබෑ වීරයා.මට යාන්තමින් මතකයක් තියෙනවා ජාතික රූපවාහිනියෙන් මීට වසර කීපයකට ඉස්සෙල්ලා මොහු ගැන වැඩසටහනක් ගියා.එදායින් පස්සේ ආය මොකුත් නෑ.

NT said...

නියම වැඩක්. මේ වගේ විස්තර එකතුවක් සිංහලෙන් දකින්න තියන එක ම වාසනාවක්. අකුරු ටික පොඩ්ඩක් ලස්සන වෙනවනම් තවත් හොඳයි. සෑම ලිපියක්ම මුහුණුපොතෙන් පෙන්වීමත් වඩාත් හොඳයි. ජයවේවා!

Pramudi said...

මේ ඇවිල්ලා ලංකාවනේ..
වැඩි දේවල් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ :/

Seniya said...

Following you starting from today! Great Articles, nice blog,. Keep up the good work friend.. This story of Karu is really impressive...

අවතාර් said...

පත්තරයකින්ද කොහෙද කියෙව්වා මතකයි දිගටම ලියමු ජය!

Anonymous said...

eala kathawa

සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget