Tuesday, November 6, 2012


ඇය ඔහුට ඇගේ පන මෙන් ආදරය කලාය.ඔවුන් ජීවත වූයේ ඔවුන්ගේම ලෝකයක් තනාගෙනය.ඔවුන්ගේ මෙම ආදරය උසස් පෙළ ආරම්භ වීමත් සමඟ තවත් දලු ලා වැඩැන්නට විය.ඔවුන් දිනක් ඔවුන්ගේ අදරයේ සිමාවෙන්වලින් ඔබ්බට පැන ගියේය.දිනක් පන්තියේ ගුරුවරයාට පන්තියට පැමිණීමට නොහැකි වුවේය..එදින මොවුන් දෙදනා පන්ති අවසන් වේලාව පැමිණෙන තුරු ලැගුම්හලක ගත කළේ තම ජිවිතයේ සුන්දරම හෝරාවන් කිහිපය එය යයි සිතමිනි.

එම හෝරාවන් අතරතුර පෙම්වතාගේ දුරකතනයෙන් ඇගේ පින්තුර කිහිපයක් ගත්තේ ඇයගෙ අනුදැනුමද ඇතිවය.ඔවුන් දෙදෙනාගේ සිතේ ආදරය මිස වෙන කිසිවක් නොවිය.. දින සති ගෙවි ගියේය.ඔවුන්ගේ බැදීම් තවත් වැඩි විය. ඔවුන් නිතර නිතර ඒසේ මුණ ගැසුණේය.තව තවත් පින්තුර හා විඩියෝ ඔහුගේ දුරකතනයේ සටහන් විය.

එක දිනක් ඔහුගේ දුරකතනය බිම වැටී ක්‍රියවිරහිත වීම හෙතුවෙන් ඔහු එය දුරකතන වෙළෙඳසලකට ගෙනගොස් දෝෂය නිවැරැදි කරගැනීමට ලබාදී අවේය.වෙළෙඳසලෙහි සිටි අයියා එය ගෙනගොස් දොෂය නිවැරැදි කර ටිකක් දුරකතනය පරික්ෂා කිරිමේ දී ඔහුගේ ඇස්වලට මෙම ඡයාරුප හසුවුයේය. මොහු එම ඡයාරුප හා වීඩීයෝ සියල්ලම ඔහුගේ දුරකතනයට ලබාගත්තේ තාක්ෂණයේ දියුණුවේ ආදාරයෙනි.පෙම්වතා දුරකතනය ‍රැගෙන ගෙදර ගියේ තම පෙම්වතිය සමඟ මලක් 2ක් කැඩීමටය.වෙළෙඳසලෙහි අයියා ගෙදර ගියේ ඡයාරුප හරි ආකාරයට බලා ගැනිමටය.

ඔහු ගෙදර ගොස් සියල්ල බලා අනුන්ගේ සතුටින් ඔහු ද යම් සතුටක් ලබුවා පමණක් නොව තම මිතුරන්ට ද ඒව පෙන්වුයේ බෙදාහදා ගැනීම තනිවම බුක්ති විදිනවාට වඩා වටින නිස වෙන්නට පුළුවන.මෙසේ කලය ගත වුණේය.ඔහු හා ඇය මේ කිසිවක් සිහිනෙකින්වත් සිතා සිටියේ නැත.
තාක්ෂණයේ දියුණුවටද පින්සිද්ධ වන්නට  ඡයාරුප සහ වීඩීයෝ රටපුරා හා අන්තර්ජාතිකව ද විසීරී ගියේය.ටිකෙන් ටික ඇය පරේ යනවිට කොල්ලන් විහිලු කිරිමට ද,පසු පස ඒමට ද පටන්ගත්තේය.එහෙත් ඒවා ඇය එතරම් ගනන්ගත්තේ නැත.




එහේත් හදිසියේ ඇගේ අයියා නිවෙසට පැමිණ යාකා නටන්නට විය.ඔහු ඇයට තම දුරකතනයෙන් දමා ගසා කියුවේ "බලපන් උඹේ හපන්කම්" කියාය. ඇයට කිසිත් අදහාගත නොහැකිව දුරකතනය දෙස බැලුවේය.එහි තිබුණේ ඇයගේ පෙම්වතා විසින් ලබගත් ඡයාරුපය.ඇගේ මවද මෙ කලබලය ඇසී දිවවිත් දුරකතනය උදුරා බැලුවේය.අම්මාට මතක එපමණය.මව සිහිසුන්ව වැ‍ටුණාය.මවට සිහිය එන විට ඇයගේ ආදරණීය දියණිය මෙලොව සමුගෙනය.ඇයගේ  සියදිවි නසා ගැනීම නිසා පෙම්වතා ද  සියදිවි නසගෙන ඇත.

ඔවුන්ගේ අදරය පිවිතුරුය.එසේනම් සිදු වුයේ කුමක්ද?

සිදුවූයේ ඔවුන්ගේ සිමාවෙන් එහාට යාම ද?

සිදුවූයේ වෙළෙඳසලේ අයියා අහිංසක ජිවිත විනාශ කළ එකද?

සිදුවූයේ තාක්ෂණයේ දුයුණුවේ ආනිසන්ස ද?



නැත මම සිතනා පරිදි සිදුවූයේ...........

ආදරයෙන් හැදූ දරුවන් දෙදෙනකු අහින්සක මවුපියන්,
 සහෝදර සහෝදරියන්ට අහිමි වීම

ඔවුන් ඉගෙනුම ලැබූ පාසල්වල කීර්තිනාමය බිඳවැටීම සහ

රටට යහපත් පුරවැසියන් දෙදෙනකු නැතිවීමත්ය.


එය සිදුවූයේ කලින් සඳහන් කළ හෙතු නිසාය..

දැන් අපිට ඒ පිළිබඳව කළහැකි කිසිවක් නොමැත.එහෙත් අපිට කළහැකි දෙයක් ඇත.එනම්..


අම්මේ තාත්තේ - ඔබේ දරුවන් පිළිබඳව හොඳ සැලකිල්ලෙන්  ජීවත් වෙන්න.ඔවුන් පිළිබඳව හොඳ අවධානයක් දෙන්න.ඔවුන් සමඟ සුහදසීලිව ඉන්න.ඔවුන්ට හොඳ නරක කියා දෙන්න.

ඔහු / ඇය - ආදරේ කරන්න, ආදරේ විඳින්න, ඒත් සීමාවෙන් එහාට යන්න එපා.එහෙම යනව නම් මවුපියන් ගැනත් හිතන්න.ආදරේ කරන කෙනාගේ ඡයාරුපයක් තියගන්න.ඒත් ඒ ඡයාරුපය ඔයාගේ අදරේට ගැලපෙන,අදරේ කරන කෙනාට කිසි හානියක් නොවෙන එකක් වෙන්න වගබල ගන්න.

අයියේ / අක්කේ- මේ වගේ වෙලාවක දී කලබල වෙන්න එපා.මේ වගේ වෙලවක දී ඔයල එයලා ළඟින් ඉන්න ඕන. නැතිනම් එයාල තනි වෙනවා.කලබල නොවී මේ වෙලාවෙදි වැඩ කරන්න,ඔයාලට පුළුවන් එයලට හොඳ නරක කියල දෙන්න.

මේ කතාවේ වෙළෙඳසලේ ඉන්න අයියල වගේ අය - ඔයාලා මොනදේ කරත් ඊට කලින් ටිකක් හිතන්න වෙන්න පුළුවන් දේ ගැන.ඒ වගේ දෙයක් දැක්කොත් බලන එක සදාරණයි කියමුකෝ.ඒ මිනිස්සුන්ගේ හැටි කියමුකෝ.ඒත් අයියේ මේ දේ ඔයගේ නංගිට,අක්කට හරි දුවකුට හරි වුණොත්..? මොනවද ඔයාටත් හිතේන්නේ?


අපි - වැඩිහිටියන් වශයෙන්(18+) ආයේමත් මේ වගේ කතා අහන්න නැතිවෙන්න සමාජය දැනුවත් කරන්න. දෙයක් වුණාම කෑගහනවට වඩා වෙන්න කලින් වළක්වන එක එක තමයි වඩාත්ම හොඳ .

ආයේ මේ වගේ දේවල් වෙන එක වළක්වන්න හිතක් තියෙනම් හරි කැමැත්තක් තියෙනම් හරි අනිත් අයටත් මේක බලන්න Share කරන්න.
අද වෙන කෙනකුට වුණ දේ හෙට ඔයාට,ඔයාගේ අක්කට,නංගිට,දුවට,නෑදෑයකුට,යාළුවකුට වුණත් වෙන්න පුලළුවන්.ඒනිසා සාමාජය දැනුවත් කරන්න අපි සමඟ එකතු වෙන්න..



2 comments:

රතීගේ දිනපොත said...

වැඩිහිටියන් වශයෙන් අප සිතට ගතයුතු ප්‍රධාන කරුණක් වන්නේ,තම දරුවාගේ මනස හැඩි නොකරන දේවල් පමණක් දරුවාට ලබාදීමයි.මක්නිසාද පවතින ආර්ථික හෝ සමාජ ක්‍රම ඔස්සේ දරුවන්ට නොමග යාමට අවකාශ වැඩි නිසාය.අපට මග ඇරෙන මෙවැනි කුඩා කරුණු එතරම් ගණන් නොගත්තත් එමගින් ලොකු විනාශයක් වීමටද ඉඩ ඇත.අන්තිමට අපට ඉතිරිවන්නේ සදා නොමැකෙන පසුතැවිල්ලක් පමණි.

Unknown said...

රතී ,ඔබගේ අදහස් ප්‍රබූගේ වැයික්කියට ගොඩාක් වටිනවා.ඒ වා හරියට මිණි මුතු වගෙයි.ඔබට බොහොම ස්තූතියි.

සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget